1150 x 80 px

ජයසුමනාරාම රාජ මහා විහාරයට නිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි!

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2475 පමණ කාලයේ ඉදිකළ නුවර යුගයට අයත්වන, මාතර නගරයහි කොටුවේගොඩ පිහිටි පුරාණ ජයසුමනාරාම රාජ මහා විහාරය පිළිබඳ පුවතකි මේ.

අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම, බුද්ධ චරිතයේ අවස්ථාවන්, මූර්ති වැනි එකකට එකක් වෙනස් නිර්මාන වලින් මෙම විහාරය සමන්විතය.

සුනාමි උවදුරට මෙම විහාරය ගොදුරු වූ නිසා මෙම විහාරස්ථානය අබලන්ව ගොසිනි. බිත්තිවල ඇදි සිතුවම් සේදී ගොස් ඇත. යටලී බාල්ක දිරාගොස්ය. මෙහි ඇතුලත විශාල ප්‍රමානයේ හිදි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම සියල්ල පුපුරා ගොස් ඇත.

නිතිපතා විශාල පිරිසක් පැමිනෙන මෙම විහාරයේ බුදු මැදුර කඩාවැටුණ හොත් විශාල විනාශයක් වීමට ඉඩ තිබේ.

මෙම පුරාණ විහාරය මධ්‍යම සංකෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති එක් විහාරස්ථානයකි. එනිසා නිසි අවසරයක් හා අධීක්ෂණයක් යටතේ මෙම විහාරය සංවර්ධනය කර දෙන මෙන් විහාරාධිපති හිමියන් හා දායක සභාවේ සමාජිකයන්, බැතිමතුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර -

......

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top