1150 x 80 px

නව විදේශ ඇමති සාගල - නීතිය හා සාමය නැවතත් මාරපන ට

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ විදේශ කටයුතු අමාත්‍ය ධුරය ට සාගල රත්නායක මහතා පත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් සනාථ වේ. මේ අතර, සාගල රත්නායක මහතා දැනට දරන නීතිය හා සාමය අමාත්‍ය ධුරය, තිලක් මාරපන වෙත පිරිනැමීමට සැලසුම් කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා නවීන් දිසානායක මහතාගේ නම යෝජනා වී තිබුණ ද, වැවිලි කර්මාන්ත ධුරය වෙනස් නොකරන ලෙස ඔහු විසින් ඉල්ලීමක් කිරීම හේතුවෙන් එය සාගල රත්නායක වෙත ලබාදීමට අවසානයේ තීරණය විය.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නුවරඑළියේ සංචාරයක නියැළෙන හෙයින්, ඔහු මලික් සමරවික්‍රම හරහා මෙම අමාත්‍ය ධුර දෙක පිළිබඳ අවසන් තීරණය ජනාධිපති ට දැනුම් දීමට නියමිත ය. හෙට හෝ ලබන සතියේ මුල නව අමාත්‍යවරුන් දෙදෙනා සිය ධුරයන් හි දිවුරුම් දීමට නියමිත ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top