1150 x 80 px

පොලිස්පතිගේ විරෝධය නොතකා පොලිස් කොමිසම ශානි ව පත් කරයි

අද (7) පොලිස් කොමිසම රැස්වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකරව පත් කිරීම දහයෙන් නමයක් ලෙසින් අනුමතව තිබේ.  ඊට එරෙහි වී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර පමණි. 

 

මීට එරෙහිව එම තනතුරට ‍ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබිණි. 

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා ව පත් කරන ලෙස තමන්ට උපදෙස් දුන්නේ පොලිස්පතිවරයා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top