1150 x 80 px

පලස්තීනයට ඉන්ටපෝල් සාමාජිකත්වය
මේ දිනවල චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පොලීසිය නොහොත් INTERPOL හි වාර්ෂික සමුළුවේදී යෝජනා වී ඇත්තේ පලස්තීන රාජ්‍යයට INTERPOL සාමාජිකත්වය ලබා දියයුතු බවයි.
මෙම සමුළු යෝජනාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකා එක්සත් ජනපදය තරයේ විරුද්ධ වී තිබේ.
 
ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධය නොතකා සාමාජික රටවල් අතර අද පැවැත්වූ ඡන්දයේදී පලස්තීනයට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් රටවල් 113 ක් කැමැත්ත පළකළ අතර ඊට එරෙහි වී ඇත්තේ රටවල් 47 ක් පමණි. 
 
ඒ අනුව පලස්තීනයට INTERPOL සාමාජිකත්වය මේ වසරේ සිට ලැබීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top