1150 x 80 px

ලිට්රෝ ගෑස් සභාපති රහස් පොලීසියට බාර වෙයි !

තායිවාන් ඊස්ටර්න් ඉන්ටනැශනල් බැංකුවේ පරිඝනක පද්ධතිය හැක් කර මුදල් වංචාකිරීමේ සිද්ධියෙහි සැක කරුවකු වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අද (09) පස්වරුවේ රහස් පොලීසියට බාර වී ඇත. ඔහු ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සමඟ රහස් පොලිසියට පැමිණ නීතීඥයා මාර්ගයෙන් බාර වී තිබේ. 

 මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණු පසුගිය දින තුනෙහි ශලීල මුණසිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන තීනියාවල පාලිත හිමියන් වෙසෙන නුගේගොඩ නාලන්දාරාමයෙහි රැකවරණ ලබමින් සැඟව සිට ඇතැයි වාර්තා වේ. මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපති බව ද පැවසේ. මෙම අපරාධය සම්බන්ධව ලැබුණු වීඩියෝ සාක්ෂි අනුව ලංකා බැංකුවෙන් ගෝනියක දමා මුදල් රැගෙන ගොස් ඇත්තේ මොහු වෙනුවෙන් බව ද වාර්තා වේ. 

විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි නමැත්තා මෙම සොරකම සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවේ පසුවෙයි.

සබැඳි පුවත් - 

තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !

"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top