1150 x 80 px

නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලේකම්වරියක් වූ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නමැත්තිය අබුඩාබියේ දී අත් අඩංගුවට ගත් බවට පළ වී ඇති ප්‍රවෘත්ති අසත්‍ය බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ. 

 

නාමල් රාජපක්ෂ විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් සී/ස ගවර්ස් කෝපරේශන් සර්විසස් පුද්ගලික සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවන්ට ලක්ව සිටි ඇය අබුඩාබිහි දී අත් අඩංගුවට ගත් බවටත් රාජපක්ෂලාගේ චෝදනා සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් මඟින් අත් අඩංගුවට ගත් පළමු සැකකාරිය ඇය බවටත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔරනෙලා සී/ස ගවර්ස් කෝපරේශන් සර්විසස් පුද්ගලික සමාගමේ කොටස් කාරියක්, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් සහ එම සමාගමේ ලේකම්වරිය ද වේ.

එහෙත් ඔරනෙලාව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර නොමැති බවත් ඇයට එරෙහිව දේශීය අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ද කල් ඉකුත් වී ඇති තත්වයක් තුළ කෙසේවත් රතු වරෙන්තු ලබා ගත නොහැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේවෙතත් හෙට දිනයේ මහාධිකරණයෙහි විභාග වීමට නියමිත ගවර්ස් ගනුදෙනුව සම්බන්ධ නඩුවට සහභාගී වීම සඳහා අද (09) රාත්‍රියේ ඇය ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා සිය කැමැත්තෙන් පැමිණීමට සූදානම්ව සිටී. 

එසේම ඇය හෙට දිනයේ ශ්‍රී ලංකාවට ළඟා වූ වහාම කටුනායක ගුවන් තොටුපලේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය (FCID) වෙත බාර දීමේ සූදානමක් ද පවතින බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඇයට එරෙහිව වලංගු වරෙන්තුවක් නොමැති හෙයින් එසේ ඇයව අත් අඩංගුවට ගතහොත් එය ඇගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් වනු ඇති බව නීතිවේදීහු පවසති. 

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇය තනිවම ශ්‍රී ලංකාව බලා පැමිණීමට සූදානම් වන ආකාරය ලංකා නිව්ස් වෙබ් කැමරාවෙහි සටහන් වූයේ මෙසේය.

 

onella 02

onella 03

onella 04

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top