1150 x 80 px

මා ළඟ තියෙන්නේ ලක්ෂ 20ක් විතරයි. - ශලීල මුණසිංහ කියයි

තායිවානයේ ඊස්ටර්න් ඉන්ටර්නැශනල් බැංකුවේ පරිඝනක පද්ධතිය හැක් කර මුදල් වංචා කිරීමේ සිද්ධියේදී ලැබුණු මුදලින් තමා ළඟ ඇත්තේ රුපියල් ලක්ෂ විස්සක් පමණක් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ රහස් පොලීසියට ප්‍රකාශ කර තිබේ. එහෙත් ශලීල මුණසිංහ සම්බන්ධ මුදල් ගනුදෙනුවේදී ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 30කි. එම මුදල ලංකා බැංකු ශාඛාවකින් ලබාගෙන රැගෙන යන ආකාරය දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන ද රහස් පොලීසිය සතුව ඇති අතර ඉතිරි ලක්ෂ 280ට සිදු කළේ කුමක්ද යන්න ගැටළුවක් වී තිබේ. 

 මෙම රුපියල් මිලියන 30ක මුදල ලැබී ඇත්තේ ලංකාව පුරා ඉංග්‍රීසි භාෂා උපකාරක පන්ති පවත්වන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් බැංකු ගිණුමකටය. මෙම මූල්‍ය අපරාධයට සම්බන්ධ විශාල පුද්ගලයින් ජාලයක් පිළිබඳව ම තොරතුරු දැනට හෙළිදරව් වී ඇති අතර තරාතිරම නොබලා පුද්ගලයින්ව අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ද රහස් පොලීසියට නියෝග කර ඇතැයි වාර්තා වේ. 

තායිවාන බැංකුවේ සිදු වූ සමස්ථ මුදල් වංචාවෙන් ලංකාවට එවා ඇති මුළු මුදල රුපියල් මිලියන 200කි. එම මුදල් ලැබුණු සියළුම ගිණුම් වල තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top