1150 x 80 px

වැලිකඩ ඝාතනය ; අත් අඩංගුවට පත්වීමේ බියෙන් ගෝටා ශ්‍රේෂ්ඨාධිකරණයට

තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ සූදානම් වන බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ. 

 

මීට හේතු වී ඇත්තේ වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන විමර්ශන කටයුතුය. 

ගෝටාබය රාජපක්ෂ මේ දිනවල තමන් දන්නා හඳුනන ඉහළ පොලිස් නිලධාරීන්ට වධයක් වන තරමට ම දුරකථන ඇමතුම් ගනිමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. 

2012 නොවැම්බර් මස 09 සහ 10 දින අතරතුර වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට නියෝග කරන්නැයි ඉල්ලා එම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන සුදේෂ් නන්දිමාල් විසින් ගොනුකළ රීට් පෙත්සම අද (17) දින අභියාචනාධිකරණයෙහි විභාගයට ගැනුණු අතර දැනට කෙරෙන විමර්ශන වල ප්‍රගතිය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරන ලදී. 

මෙම විමර්ශන හමුවේ බියපත් වී ඇති ගෝටාබය රාජපක්ෂ මෙසේ අත් අඩංගුවට පත් වීමෙන් වැළකීම සඳහා අධිකරණයෙහි පිහිට පැතීමේ සූදානමින් සිටී.

- රංජිත් නිශාන්ත 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top