1150 x 80 px

 

දළපූට්ටුවා මැරීමට කුමන්ත්‍රණය කළ හිමිනමගෙන් අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රයක්

ගල්ගමුවේ දළපූට්ටුවා නම් හස්තියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමිනම අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට සූදානමින් පසුවන බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ.

 

දළපූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ටාශය සහ නිකවැරටිය පොලිසිය යන කණ්ඩායම් තුනක් ම යොදවා ඇතත් අදාළ භික්ෂුව අත් අඩංගුවට ගැනීමට එකදු කණ්ඩායමක් හෝ මෙතෙක් සමත් වී නැත. ඉන් පෙන්නුම් කෙරෙන්නේ නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන් ලබා සිටින දේශපාලන රැකවරණයේ ප්‍රබලත්වය ය.

අදාළ භික්ෂුව අපේක්ෂිත ඇප ලබා ගැනීමට සහාය ලබා ගැනීම සඳහා තමන්ගේ හිතවතුන් ලවා කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂක නිශාන්ත සොයිසාට පණිවිඩ එවා ඇත. එහෙත් මෙය ගිණියම් වූ මාතෘකාවක් බව දන්නා නිසා නිශාන්ත සොයිසා ඊට අනුකූල නොවී මේ පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ව දැනුවත් කර ඇත.

මෙම විමර්ශන සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් නිරතුරු අවදානයෙන් පසුවන අතර තවතවත් තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමට සූදානමින් සිටින්නෙමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top