1150 x 80 px

 

ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිවුස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක් වෙයි!

රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිවුස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වෙයි.

රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය. ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.

ලංකා නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න මහතා ද ලංකා නිව්ස් වෙබ් සමග එක් වීමට නියමිත ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top