1150 x 80 px

 

ඩෙංගු මරු කැටුව ගිය ගම්ලත් දියණිය වෙනුවෙන් මහින්ද හෙලිකොප්ටරයෙන් එයි

ඩෙංගු රෝගය හේතුවෙන් අකාලයේ මියගිය පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය, රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වය ඇතිව ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට පැමිණ තිබුණේ හෙලිකොප්ටරයකිනි.

එය ප්‍රකෝටිපති ව්‍යාපාරික ආතර් සේනානායක මහතා විසින් සපයා දෙන ලද හෙලිකොප්ටරයක් වූ අතර, ආතර් සේනානායක මහතාගේ පුත්‍රයා මෙයට වසරකට පමණ ඉහතදී මියගොස් තිබෙන්නේ ද ඩෙංගු රෝගය හේතුවෙනි.

අවමංගල්‍ය උත්සවයට පැමිණ සිටි අය අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය, චතුරිකා සිරිසේන ද සිටි අතර, ඇය හිටපු ජනාධිපතිවරයා සමග කුළුපග අන්දමින් කතා බහ කරන ආකාරය ද දැකගන්නට ලැබිණි.

එසේ කතා කරමින් සිටින අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණි සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයා ඔහු දෙවතාවක් වැඳ වැටුණු අතර ඒ සෑම අවස්ථාවකදීම චතුරිකා සිරිසේන මහත්මිය බලාසිටියදීම හිටපු ජනාධිපතිවරයා නැගිට ඔහුව සනසා තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top