1150 x 80 px

 

චම්පික සහ  අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් අද අස්වෙති : පළාත් පාලන මැතිවරණය - Update 1

ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙක් වන ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) දිනයේ සිය තනතුරුවලින් සහ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ගවලින් හෙළි වේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන අතර, පාඨලී චම්පික රණවක මහතා  එක්සත් ජාතික පෙරමුණ හා ජාතික හෙළඋරුමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයක් ඇතත්, තහවුරු නොකළ වාර්තාවලට අනුව නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top