1150 x 80 px

 

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති : පළාත් පාලන මැතිවරණය - Update 3

අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් 7 දෙනෙක් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව තහවුරු නොකළ වාර්තාවලින් පෙනී යන්නේ නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත බව ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top