1150 x 80 px

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන ලෙසට ශ්‍රීලනිපයෙන් ජනපතිට ඉල්ලීමක්

වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ අජිත් ඩයස් විසිනි. මේ වන විට මේ අජිත් ඩයස් කොක්ටේල් පාටිවල කරක් ගසමින්, නිශාන්ත වික්‍රමසිංහගේ දුරාචාරයන් ගැනත්, රාජපක්ෂලා විසින් ශ්‍රී ලංකන් ගුවන්සමාගම පොළොවට සමතලා කළ ආකාරය ගැනත් කොක්සන් දෙමින් සිනාසෙමින් කල් ගත කරයි.

පෙබරවාරි 26 වැනිදා පළවූ සන්ඬේ ටයිම්ස් දේශපාලන කොලම යම්කිසි අයෙක් විසින් කියෙව්වා නම්, රාජන් බ්‍රිටෝ සහ චානක සිල්වා වැනි හොඳ පුද්ගලයන් සිටින වත්මන් පාලක මණ්ඩලය යටතේ පවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවන බලය අපහරණය සහ කළමනාකාරිත්වයේ ගැටලු දැක කම්පනයට පත්වනු ඇත. ඇමති හෂීම් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ කියා තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය සෝබන මවාපෑම් කරන බව සහ, සෑම තීරණයකදීම අගමැතිවරයාගේ නම විකුණමින් තමන්ට අවශ්‍ය දේ කරමින් සිටිනා බව ය.

බලාපොරොත්තු හොඳටම සුන් වූ තැන ඔහු ජනාධිපතිතුමා හමුවීමට ගොස් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය විසින් පිළිකුල් සහගත ලෙස බලය අයුතු ලෙස යොදාගනිමින් සිටිනා අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයා අපට පැවසුවේ මේ ප්‍රශ්නය මීළඟ බැඳුම්කර මගඩිය බවට පත්වේදැයි පක්ෂය කණස්සල්ලෙන් පසුවන බවයි.

ජනපති මෛත්‍රිපාල ගේ ජයග්‍රහණයෙන් පසු මතුවී සිටින සුරේන් රත්වත්තේ ගුවන්සමාගම ගෙන යන්නේ නිශාන්ත වික්‍රමසිංහගේ කාලයටත් වඩා අන්ත ලෙස ය. ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය පවා අයුතු ලෙස බලපෑම් කරමින් සිටියි. කාර්යමණ්ඩලයට ඔහු ගැන තිබූ විශ්වාසය නැති වී ගොස් ඇත. ඔහුට තිබෙන එකම ශක්තිය ඔහුගේ දූෂිත සහෝදරයා වන, සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවට හේත්තුවීමට පාර සොයාගත් චරිත රත්වත්තේ ය.

රත්වත්තේ 2004 වසරේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විනාස කළේය. එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පවසන්නේ ඔහු ව ආණ්ඩුවෙන් ගළවා දොට්ට නොදැම්මොත් අගමැතිවරයාට මීළඟ මහමැතිවරණයට මුහුණ දෙන්නට නොහැකි වනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වසර 11 ක් බලා සිටින්නට සිදුවිය. එක අමාත්‍යවරයෙක් පැවසුවේ ඉස්සර කාලයේ සැපයූ සේවාවන් නිසා අගමැතිවරයාට ඔහුව නොතකා හරින්නට නොහැකි බවයි. අගමැතිතුමනි, ඔහුව ලන්ඩනයට යවන්න. වත්මන් මහකොමසාරිස්ට වඩා හොඳට ඔහුට ඒ රාජකාරිය කරන්නට පුලුවන.  

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top