රුපියල බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණ ව්‍යවර්ථ වෙයි
මෙරට කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කර තිබූ විශාල මුදල් ප්‍රමාණයක් එකවර නැවත ලබාගනිමින් ආර්ථිකය බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණක් ක්‍රියාත්මක වන බව අප පසුගිය 24 වැනිදා වාර්තා කළේය. ඒ හරහා බලාපොරොත්තු වූයේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බිඳදමා රජය අපහසුතාවට පත්කිරීමයි.
වාර්තා වන පරිදි මෙරට අයෝජනය කර තිබූ Franklin Templeton Fund නැමැති අරමුදලේ ඩොලර් මිලියන 1475 ක් නැවත ලබාගෙන තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 22,000 කට ආසන්න මුදලකි. මෙම Franklin Templeton Fund ජාත්‍යන්තර අරමුදලක් වුවද සැබෑලෙසම මුදල් ලබාගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හිතවතුන් විසිනි.
 
මෙම මුදල් ලබාගැනීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 170 දක්වා ඉහළ දැමීමයි. ඒ හරහා ආර්ථිකය බිඳවට්ටා, විදෙස් ආයෝජකයන් අධෛර්යයට පත්කර ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු විය. විවිධ වංචා, දූෂණ, කොමිස් හරහා උපයාගත් කලු සල්ලි මෙම Franklin Templeton Fund අරමුදලට යොදවා තිබූ අතර කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කර තිබුනේ මෙම කලු සල්ලිවලින් කොටසකි.
 
කෙසේ වෙතත් රජය විසින් මෙම අනතුර කලින් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදූ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වලක්වාගෙන තිබේ. ඒ අනුව තවමත් ඩොලරයේ අගය රුපියල් 151 සීමාවේ රඳවා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවූ අතර දුෂ්ට අරමුණු වෙනුවෙන් ආර්ථිකය පාවාදෙන්නන් නිසා තවදුරටත් ජාත්‍යන්තරයට ණයවීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top