1150 x 80 px

කරන්නාගොඩට ගෙවල්, දසනායකට කාර්. පැහැරගත් මිනිසුන් විතරක් ම නේවි .....

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අයත්, කොළඹ පිහිටි සුවිසල් නිවාස දෙකක් පිළිබඳව තොරතුරු අණාවරණය වී තිබේ. නාවල ගුණසේකර ගාඩ්න්ස් හි පිහිටි ඉන් එක් සුවිසල් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 1,600කි.

නාවල සේනානායක ඇවනියු හි පිහිටි අනෙත් නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 1,900ක් බව කියැවේ. කාට හෝ හැකියාවක් ඇති නම් ගෙවල් මිල දී ගත්තාට අපට රුදාවක් නැත, එහෙත් හිටපු නාවික හමුදාපති වරයා මේ තරම් වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අවධානය වහාම යොමුවිය යුතුව ඇත. ඒ, නාවික හමුදාපති වැටුපෙන් නම් මෙවන් මාළිගා මිලට ගැනීමට මළාට නොහැකි බැවිනි.

කරන්නාගොඩ බාධා කරන්නේ ඇය?

මේවා වඩාත් සැක සහිත වන්නේ කරන්නාගොඩට කෙරෙන්නාවූ චෝදනා දෙස බලන විටය. ත්‍රිකුණාමලය සහ කොළඹ ප්‍රදේශවල සිසුන් පිරිසක් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව චෝදනා ලබා සිටින්නේ කරන්නාගොඩගේ සහායකයා වූ නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ ඇතුළු පිරිසකි. අපරාධකරුවන්ට එරෙහිව කෙරෙණ නීතිමය ක්‍රියාවලියට ඉහළ පුද්ගල සම්බන්ධකම් හරහා බාධා කළ බවට වසන්ත කරන්නාගොඩට චෝදනා එල්ල වෙමින් පවතී. කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් පැහැරගෙන ගොස් වධහිංසා කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවට සාක්ෂි සහිත චෝදනා වැලක් ම එල්ල වෙමින් ඇත. තමන් නිදොස් නම් කරන්නාගොඩ පරීක්ෂණ වලට බාධා කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

දසනායකගේ ලේ තැවරුණු උපන් දින තෑග්ග
ත්‍රිකුණාමල සිසුන් හය දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම හා සම්බන්ධ කේ.පී. දසනායක නාවික නිලධාරියා විසින් එකී සිසුන් ගමන් ගත් කාර් රථය අයිති කරගෙන ඇති බවද වාර්තා වේ. ඔහු එම කාර් රථයේ අංක තහඩුව වෙනස් කර, වෙනත් පාටක තීන්ත ආලේප කර, සිය බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් උපන්දින තෑග්ගක් ලෙස ලබා දී ඇති බව සඳහන් ය. "මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ" යි දේශපාලන අවස්ථාවාදීන් මොරදෙන්නේ මෙවන් නරුමයින්ට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙණ විටය.

ජනපති පානා ලීලය පාරාවළල්ලක් වෙයිද ?
දසනායක අදටත් ඇප පිට එළියේ ය. කරන්නාගොඩ කිසිත් නොදන්නා සේ සුවෙන් සනීපෙන් ය. විරුවන්ට විරුවන් කියන්නට කෙසේ වෙතත් විරු නමට මුවා වූ අපරාධකරුවන්ට අපරාධකරුවන් කියන්නටත් මිනී මරුවන්ට මිනී මරුවන් කියන්නටත් නරුමයින්ට නරුමයින් කියන්නටත් කොන්ද පණ තිබිය යුතුය. නන්නත්තාර බංකොලොත් දේශපාලකයින් රණ විරු වල්ගයේ එල්ලී දෙව් ලොව යන්නට තැත් කිරීම ඔවුන්ගේ ස්වභාවය ය. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙකී විරු - හොරු - මිනීමරු සංගමය කෙරෙහි පෙන්වනා ලීලය පිළිබඳව නම් යළි සැලකිලිමත් විය යුතුව තිබේ. මන්ද යත් කප්පම් ගැනීම සඳහා මිනිස් ජීවිත බිලිගත් හෙවත් හුදෙක් මුදලට ම මිනීමැරූවන්ට වඩා ඉහළ ලංසු ලැබෙන්නේ නම් ඉහළ ම තනතුරු වල පුද්ගලයින් කෙරෙහි වුව ඉව අල්ලන්නට උන් නිරායාසයෙන් ම පෙළඹෙන නිසා හෝ ඔහු සැලකිලිමත් විය යුතුව තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top