1150 x 80 px

ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදියි!

ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිත බවට තහවුරු වී ඇති කැබිනට් සංශෝධනයට පෙර එජාපයේ ප්‍රබල ඇමතිවරයෙක් සිය ඇමතිධූරය හැරදමා යාමට සුදානම් වන බව www.lankanewsweb.net වෙත වාර්තාවෙයි.

 

එදා "ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බවට" ප්‍රකාශ කළ මේ ප්‍රබල ඇමතිවරයාට යහපාලන ආණ්ඩුවෙන් හිමිවූ ප්‍රබල ඇමතිධුරය මේ තරම් ඉක්මණින් අහිමි වීම දැන් ආණ්ඩුව තුළ රසවත්ම මාතෘකාව බවට පත්ව ඇති බව සඳහන්.මේ වන විට සිය අමාත්‍යාංශයේ ඇති ලිපිගොණු ඇතුළු බඩුබාහිරාදිය සිය කාර්යමණ්ඩල සේවකයන් ලවා අස් කරමින් හිදින්නේ ඇමතිධුරය රැක ගැනීමට අගමැතිවරයාගෙන් හෝ පිහිටක් නොලැබෙන බව අදාළ ඇමතිවරයා හොඳින්ම දන්නා හෙයින් බව තතු දන්නෝ පවසති.

එජාපයේ ප්‍රබලයෙක් ලෙස පෙනී සිටි මෙම ඇමතිවරයාට මෙවන් ඉරණමක් අත්වී ඇත්තේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ දියණියගේ කල්ක්‍රියාව හේතුවෙනැයි දැනගන්නට තිබේ.ඇමති සතු බලතල තම දේපලක් ලෙස සිතමින් එම දියණිය පසුගිය කාලය පුරාම කටයුතු කර ඇති අතර කොන්ත්‍රාත්කරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම පිළිබඳ කතන්දරයේ දිග පළල අගමැතිවරයාටද අනාවරණ වීම ඇමතිධුරය අහිමි වීම ඉක්මන් වීමට බලපා ඇති බවද වාර්තා වෙයි.පසුගිය කාලය පුරා මේ දියණියගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇමතිවරයා සම්බන්ධ අගමැතිවරයාට වාර්තා වී තිබූ කාරණා නිසා අගමැතිවරයාද එකී ප්‍රබල ඇමතිවරයා සම්බන්ධයෙන් පරල වී සිටි බව පැවසෙයි.

කොන්ත්‍රාත් ලබා දීමේදී එම අමාත්‍යාංශයට අයත් අධිකාරියේ සභාපතිවරයා සමඟද ගැටුම් ඇතිකර ගෙන තිබූ මේ ඇමති දියණිය පසුගියදා එම අධිකාරියට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්ද බලහත්කාරයෙන් ඇය භාරයට ගෙන තිබේ.

කෙසේ නමුත් පසුගිය දිනෙක ඇමතිධූරය බේරා ගන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමන් මුණගැසෙන ලෙස එම ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා වීමම ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්නක් බව තතු දන්නෝ පවසති.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top