Untitled 1

"මගේ ටික මම බලාගන්නන් ඔයාගේ ටික ඔයා බලාගන්න" -  අගමැති ජනපතිගෙන් ඉල්ලයි !
ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත බව පැවසෙන කැබිනට් සංශෝධනය මේ මොහොතේ රටේ දේශපාලනය යම් කැළඹීමකට පත්කර තිබේ.එකී කැබිනට් සංශෝධනයෙන් ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක වෙනස්කම් සිදුවන බවත් ඊට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟතාව හිමිවී ඇති බවටත් පුවත් පළ විය.කෙසේ වෙතත් මේ වන විට අගමැතිවරයා චීනයේ නිල සංචාරයක නිරතව සිටියි.එම සංචාරයේ කටයුතු අතරතුර කැබිනට් සංශෝධනය පිළිබඳ අදහස් හුවමාරුවී ඇති අතර අගමැතිවරයා ජනාධිපතිවරයා අමතා ප්‍රකාශ කර ඇත්තේ "මගේ ටික මම බලගන්නන් ඔයාගේ ටික ඔයා බලාගන්න" යනුවෙනි.
මේ මොහොතේ තත්ත්වය මෙසේ වනවිට පෙර පුවත් පළ වූයේ යෝජිත කැබිනට් සංශෝධනයට අගමැතිවරයාද එකඟතාව පළ  කර ඇති බවයි.දැනගන්නට ඇති පරිදි ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ බලපෑමට  ජනාධිපතිවරයා  යටත්ව සිටින අතර ඊට එජාපයේ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබේ.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමටත් ඉන් නොනැවතී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැක්වූ නම්‍යශීලිත්වය ආණ්ඩුව පිහිටුවා වසර දෙකක්  ඉක්මවා යාමටත් ප්‍රථම අමතක වී ඇතැයි එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට දොස් නඟා ඇති බවද වාර්තා විය. 
 
කැබිනට් සංශෝධනය කරන තෙක් කැබිනට් හමුව අත්හිටුවිමටද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කළ අතර එය ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ යෝජනාවක් මත ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top