1150 x 80 px

NDB  සභාපති ටෙන්ඩර් මගඩියක

NDB බැංකුවේ උප සභාපති සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා එක්ව කළ බව කියන ගනුදෙනුවක් සහ ජාවාරමක් පිළිබඳ කරුණු හෙළිදරව් වීමෙන් පසු එම පිළිකුල් සහගත ජාවාරම හෙළිකළ ප්‍රධාන මූල්‍ය නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.

මේ වීර කතාව දැන් තවත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙන්නේ, ණය දීම් සම්බන්ධයෙන් අයහපත් වාර්තාවක් තිබූ හෙයින් වරක් විදෙස් බැංකුවක් විසින් සේවයෙන් පහකිරීමට නියම කළ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඥාති සහෝදරයෙක් වන වත්මන් සභාපති ආනන්ද අතුකෝරාළ මහතාම, වාර්ෂික වාර්තාව සකස් කිරීමට භාරදෙන සමාගම තෝරාගැනීමට මැදිහත් වීමයි. මෙය අති දැවැන්ත ටෙන්ඩරයක් වන අතර බැංකුවේ කොටස්කරුවන් ගණනාවක් විසින් ඉල්ලුම් කර තිබූ ටෙන්ඩරයකි.

වෘත්තීය සමිති චෝදනා කරන්නේ කිසිදාක විධායක සභාපතිවරයෙක් විසින් මෙවැනි ප්‍රසම්පාදන කාර්යයන්ට අත ගසා නැති බවයි. නව සභාපතිවරයා පැමිණි දිනයේ පටන් බැංකුවේ දියුණුව වේගයෙන් පල්ලම් බසින බවට ද ඔවුහු චෝදනා කරති.

වෘත්තීය සංගම්වලට අනුව තවත් ගැටලුකාරී බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව විසින් NDB  බැංකුව අත්පත් කර ගැනීම තවත් වැඩි කල් නොයවා සිදුවනු ඇත. මේ වන විට NDB  බැංකුව, කුඩා බැංකුවක් සේ සැලකෙන NTB බැංකුවට ද වඩා පිටුපස තැනක ස්ථානගත වී තිබේ.

බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය තවමත්, ලලිත් වීරතුංගගේ බිරිඳ වැනි නිවාඩ් කබ්රාල්ගේ ගජ යහළුවන් වැනි අයගෙන් පිරී පවතියි. වත්මන් ආණ්ඩුව බැංකු කටයුතු පිළිබඳ අත්දැකීම් සහිත අධ්‍යක්ෂකවරුන් ද අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර නැත. මෑතකදී එක් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඇමති සාගල රත්නායකගේ සහෝදරයා පත් කර ඇත. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top