1150 x 80 px

සුරේන් රත්වත්තේට ශ‍්‍රී ලංකන් ගුවන්සේවය සමග සාජ්ජ දමන්නට ආණ්ඩුව ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රවීන ගුවන් සේවා විශේෂඥයෙක් වන රඛිත ජයවර්ධන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ප‍්‍රශස්ත රාජකාරියක් කරමින් සිටි බව සැවොම දන්නා කරුණකි.

නමුත් ජනවාරි 8 වැනිදායින් පසු උන් හිටි තැන් නැතිව සිටි චරිත රත්වත්තේගේ සිතේ තිබුණේ වෙනත් දේවල් ය. ඔහු කෙසේ හෝ  රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාගේ කාර්යාලයට නැවත රිංගා ගත්තේය. අගමැතිතුමා ඔහුට වගකීමක් පැවරුවේය. ඒ නව පරිපාලනය සඳහා සුදුසු තැනැත්තන් තෝරන්නට ය. මෙය එක්සත් ජාතික පක්ෂයට වින්නැහියක්ම විය. මන්ද යත් ආණ්ඩුවට විරුද්ධව වැඩ කළ අයම ඔහු විසින් ඉහළ තනතුරු සඳහා පත් කළ නිසා ය. එක්සත් ජාතික පක්ෂය දමා ගිය” එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කවුරුන් කුමක් කළේද කියා නොදන්නා රත්වත්තේටම මේ සම්බන්ධයෙන් දොස් පවරන්නට ද නොහැකිය.

කෙසේ හෝ මේ අනුව මෙය ආණ්ඩුවට විපතක්ම ගෙන ආවේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නියමිත තනතුරුවලට යෝජිතව සිටි අය සහ වෘත්තිකයෝ මේ රත්වත්තේ වැනි අයගේ හැසිරීම හේතුවෙන් මහත් නොසතුටට පත්වූහ. 2001-2004 කාලයේදී් ඔහු කළේ ද මේ ටිකම ය. ඉන්පසු 2004 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය බලයෙන් එළවා දැමූ විට රත්වත්තේ පැත්ත පළාතකවත් නොසිටියේය. 2010 වසර දක්වා ඔහු ගැන අසන්නට හෝ ඔහුව දකින්නට ලැබුණේ ද නැත.

ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක තනතුරේ පුරප්පාඩුව සඳහා ආණ්ඩුව දැන්වීම් පළ කරන විට රත්වත්තේ ඒ වෙත ඇස ගසාගෙන සිටියේය. ඔහු ප‍්‍රධාන විධායක නිලධාරියෙකු වශයෙන් කිසිදු නායකත්ව හෝ කළමනාකාරිත්ව අත්දැකීමක් නැති සහ එමිරේට්ස් ගුවන්සේවයට එපා වී සිටි තමන්ගේ මල්ලීව” කලින් සිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලද වැටුප මෙන් දෙගුණයක වැටුපකට ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර වෙත පත් කරන්නට ඉතාම කෛරාටික සැලැස්මක් තැනුවේය.

මේ වන විට ශ‍්‍රී ලංකන් ගුවන්සේවය පැවතියේ ඉහළ පන්තියේ විශේෂඥයෙකුගේ සේවය අවශ්‍යම කර තිබූ තත්වයක ය. වරක් අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුගේ පරිවාස කාලය දීර්ඝ කරන්නට උත්සාහ කළේය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අනුව” එවිට රත්වත්තේ කළේ එසේ නොකරන ලෙසට” අගමැතිවරයාගේ නම පාවිච්චි කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයට තර්ජනය කිරීමයි.

මෙහි සමස්ත ප‍්‍රතිඵලය ආණ්ඩුවට මහා විනාශයක් ගෙන දෙන අතර” පළාත් සභා මැතිවරණයේදීි ආණ්ඩුවට එල්ල වන මීළඟ දේශපාලන බිම්බෝම්බය බවට ද මෙය පත්වෙමින් තිබෙන බව පෙනේ. නොසලකා හැරීම් සහ තරගකාරී බවින් තොරවීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන්සේවය තුළ ඇති වී තිබෙන දුර්වල කළමනාකාරිත්ව ගැටලූ මදිවාට මේ ප‍්‍රධාන විධායක නිලධාරියා විිසින් තමන්ගේ කැදැල්ල නම් ගුවන්සේවය තුළ යහමින් ඉදිකරගෙන තිබේ. උදාහරණයක් වශයෙන් මේ වන විට ඔහුට විරුද්ධව චෝදනා ගණනාවක් එල්ල වෙමින් ඇත. ඔහු විසින් තමන් කැමතිම උපදේශකවරයාව තම බලපත‍්‍රය නැවත වලංගු කරවා ගැනීම සඳහා යොදවා තිබේ. තවද” පියාසැරි විද්‍යාලයේ ප‍්‍රධානී ප‍්‍රිමාල් ද සිල්වා නියම කර තිබෙන්නේ සියලූ ගුවන් සේවකයන් එම ගුවන් පාසල හරහා බඳවා ගන්නට ය. මේ සඳහා කිසිදු පුවත්පත් දැන්වීමක් ඔහු විසින් පළ නොකරයි. මේ අන්දමින් මේ වන විට ගුවන්යානා සේවකයන් 56 දෙනෙක් සේවයට බඳවාගෙන තිබේ.

තවද ඔහු සහ බන්දුල වේරගම පුදුමාකාර ක‍්‍රමයකට තමන්ගේ වැටුප් ඉහළ දමාගෙන තිබෙන්නේ අධික පාඩු ලැබීම තුළ සමස්ත ගුවන්සේවය පවත්වාගෙන යාම පවා දුෂ්කර තත්වයක තිබියදී ය.

මානව සම්පත් ප‍්‍රධානී ප‍්‍රදීපා කැකුළාවල” කාර්යමණ්ඩල වෙබ් අඩවිය හරහා දිනපතාම පාහේ රැකියා අවස්ථා යාවත්කාලීන කරමින් සිටියි. ජේ්‍යෂ්ඨ නිලධාරියෙකුට අනුව ගුවන්සේවයේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තැනැත්තන් වන නියමු කපිතාන්වරුන්” කැබින් කළමනාකාරවරුන් යනාදීන් හැර අන් කිසිදු පුරප්පාඩුවක් මේ අවස්ථාව වන විට නැත. නමුත් බන්දුල සහ ආරක්ෂක ප‍්‍රධානී මේජර් ජනරාල් චන්ද්‍රවංස ශ‍්‍රී ලංකා යුධ හමුදාවෙන් කෙළින්ම ශ‍්‍රී ලංකන් ගුවන්සේවය වෙත පැරෂුට් පිම්මක් ගසා තිබේ.

ඔවුන් රත්වත්තේ සමග සමීප මිතුරුකමක් ගොඩනගා ගැනීමට සමත් ව ඇති අතර” මේ වන විට රත්වත්තේ සමග සාද පවත්වමින් සිටිති. ගුවන්සේවයෙන් ලැබෙන තොරතුරුවලට අනුව එයාලංකා සභාපතිවරයා හොඳ මහත්මයෙක් වන නමුත් දුර්වල නිලධාරියෙකි. මේ තත්වය තුළ ගුවන්සේවය සැබෑ වශයෙන්ම පාලනය කරමින් සිටින්නේ රත්වත්තේ සහෝදරයන් දෙපළ විසිනි. චරිත රත්වත්තේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ නිල නොලත් සභාපති බවට පත් ව තිබේ.

මෙහි පවතින හාස්‍යජනක උත්ප‍්‍රාසය වන්නේ මේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් කළ යුත්තේ කුමක්ද කියා නොදැන සිටීමයි. එයට හේතුව” මේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් මීට පෙර කුඩා පරිමාණ ව්‍යාපාරයක්වත් පවත්වාගෙන ගිය අය නොවීමයි. එනිසා මේ දෙදෙනාගේම අවධානය යොමු ව තිබෙන්නේ තමන්ගේ කූඩුව රැක ගැනීම වෙත පමණි. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එල්ල වන  ඕනෑම විරුද්ධ මතයක් මැඬලීමට ඔවුහු කටයුතු කරති.

තමන්ගේ පැවැත්ම රැක ගැනීම සඳහා රත්වත්තේලා අගමැතිවරයාගේ නම නිදහසේ පාවිච්චි කරමින් සිටිති. මේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට අගමැතිවරයාට ධෛර්යයක් නැති නම්” තම පාලනය රැුක ගැනීම සඳහා ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් කළ දෙයට සමාන දෙයක් ප‍්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් දැන් කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරයා ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top