Untitled 1

සාගල ඇමති ගැන ජනපති සීරුවෙන් !

 

අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය වසර දෙකක් තිස්සේ විමර්ශන සම්බන්ධයෙන් කිසිවක්ම කර නැති බව සහ, එහි ප්‍රතිඵලයක් වශයෙන් අපරාධකරුවන් නිදැල්ලේ පසුවන බවත්, එය රටේ ජනයාගේ හිනාවට හේතු වී ඇති බවත් ය.

එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට පවසා තිබෙන්නේ සියලු විමර්ශන අවසන් වන තෙක් එක්කෝ පොලිසිය තමන් යටතට ගන්නා ලෙස හෝ ජනපතිට පක්ෂපාතී අයෙකුට පොලිසිය භාර දෙන ලෙස ය.

ඇතැම් ප්‍රධාන පෙළේ සිද්ධි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු ගණනාවක් ද මේ වන විට සාගල රත්නායකගේ මැදිහත්වීම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඇතැම් තොරතුරු සඟවමින් සිය විමර්ශන බාධාවකින් තොරව කරගෙන යමින් සිටිති.

එක් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අනුව ඇමති සාගල, හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් දැනට විභාග වෙමින් පවතින විමර්ශන 16 ක් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් සහ උනන්දුවක් දක්වයි. මේ දෙදෙනා පසුගිය රෙජීමය සමයේ ඉතාම සමීප ව සිටි අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා අමාත්‍යවරයාට මෙන්ම ඔහුගේ සහෝදර කාවන් හට ද විවිධ අන්දමින් උදව් පදව් කර තිබිණි.

ඇමතිවරයෙක් සඳහන් කළේ “ඒ ඔක්කොම හොඳයි, ඒත් ජාතික වගකීම් ඉටුකිරීමට ඔහු බාධා නොකළ යුතුයි” යනුවෙනි.

සාගල ඇමතිවරයා සහ පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා මේ වන විට ආණ්ඩුව පවතින්නේ අඩමාන තත්වයක ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top