Untitled 1

ඩෙංගු නසන්න -  ඔබේ කැමතිම රූපවාහිනී නාලිකාව අද උදේ 9-11 ට නරඹන්න

අද (12) පෙරවරු 9-11 දක්වා කාලය තුල දිවයිනේ සියළුම ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන එකතුව ඩෙංගු මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ සජීවී වැඩ සටහනක් විකාශනය කිරීමට කටයුතු යොදා තිබේ.

ලබන සෙනසුරාදා (15) උදෑසන 10-12 ත් අතර ක්‍රියාත්මක  කිරීමට නියමිත නිවාස සහ අවට පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහන සම්බන්ධයෙන් වූ පණිවිඩය ජනතාව අතරට ගෙන යාම, අද පැය 2 ක් පුරාවට සිදුකරන මෙම වැඩසටහනේ අරමුණ වේ.

‘ අපි අරඹමු ඩෙංගු දුරලමු ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු!' යන තේමාව යටතේ ඩෙංගු මැඩලීමේ  වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම සමාජ සත්කාරය සඳහා ලංකාවේ සියළුම මාධ්‍ය සහාය දැක්වීමට ඒකරාශී වී ඇත.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top