1150 x 80 px

ඩෙංගු රෝග මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයට ඔබත් එක්වන්න..

ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීමේ අවශ්‍යතාවය මෙන්ම හැකියාව පවතින්නේද අපටමය. එසේම එය යුතුකමකි. ජාතික මෙහෙවරකි.

හෙට එනම් සෙනසුරාදා (15)  උදෑසන 10 සිට 12 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත දීප ව්‍යාප්ත පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනට ඔබගේ අනිවාර්ය දායකත්වය අපේක්ෂා කෙරේ.

ඉහත කාලය අතර තුර තම ගෙවත්ත තමන්ම පිරිසිදු කර ගැනීම මගින් ඔබටද ඩෙංගු මැඩලීමේ ක්‍රියාන්විතය එක් විය හැකිය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ එකම දිනක එකම වේලාවක මුළු රට තුළම පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වීම අවම කිරීමයි.

ජනමාධ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිද හමුදාව, පොලිසිය, පළාත් පාලන ආයතන, ඩෙංගු මැඩලීමේ ජනාධිපති ඒකකය ඇතුළු බොහෝ ආයතන මේ සඳහා දායකත්වය දෙනු ඇත.

සියළුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සහ අනිකුත් සියළු මාධ්‍ය එ්කාබද්ද වී හෙට දිනයේ මෙම දීප ව්‍යාප්ත වැඩසටහන සජීවීව විකාශනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔබ, ඔබගේ අවට පිරිසිදු කිරීමද මෙම සජීවී විකාශනයේ අංගයක් වනු ඇත.

මෙම පවිත්‍ර කිරීමේ කාර්යේදී තම ගෙවත්එතේ ඇති කුණු කසල  කලමණාකරණය කිරීම තම ගෙවත්ත තුළම සිදුකළ යුතුයි.   නොඑසේනම්, හෙට දිනයේ එකතුවන කුණු පාර දෙපසට හෝ වෙනයම් ස්ථානයකට එකතු කර තැබීම මගින් ඩෙංගු උවදුර තවත් උග්‍ර වීමට මග පෑදෙනු නියතය.

ඩෙංගු මැඩලා ජීවිත සුරැකීමට අපිත් දායක වෙමු!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top