Untitled 1

දේශපාලන පත්වීම් සහ විදේශ සේවාවේ කප්පාදුව - යහපාලනයේ ප්‍රයෝග

යහපාලන ආණ්ඩුව දේශපාලන පත්වීම් නවතා දමන බවට කිසි දිනෙක නොකියූ බව විදේශ අමාත්‍යංයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ පසුගියදා මාධ්‍යට සිදුකළ ප්‍රකාශය සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින්නවුන් මවිතයට පත්කළහ. විදේශ දූත සේවාව කප්පාදුවට ලක්කිරීමක් සිදුවන බවට පුවත් පලවිය. දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කොලොන්නේ මෙනවිය මෙසේ පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතා විදේශ දූත සේවාවට සිදුකළ දේශපාලන පත්වීම් පිළිබඳව ජනවාරි 08 වෙනිදාට ප්‍රථම පැවැත්වූ සෑම මාධ්‍ය හමුවකදීම විශාල හඬක් නැගූ වත්මන් විදේශ ඇමති මංගල සමරවීර මහතා සහ අනෙක් යහපාලන ප්‍රභලයින්ගේ අතීත කතා මධ්‍යයේය.

දේශපාලන පත්වීම් සිදුකරන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට කොලොන්නේ මෙනවිය පිලිතුරු දී ඇත්තේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට වඩා ඉදිරියෙන් සිටිමිනි. කොලොන්නේ මෙනවියගේ පිලිතුරු වී ඇත්තේ රාජ තාන්ත්‍රික නිලධාරීන්ගේ අඩුවක් පවතින බැවින් මෙසේ දේශපාලන පත්වීම් සිදුකරන බවයි. කොලොන්නේ මෙනවියගේ වැඩ කටයුතු පිලිබඳව අප මීට පෙරද අනාවරණය කළ පරිදි ඇය කටුස්සාටත් වඩා වේගයෙන් පිල් මාරු කරන්නියකි. කුප්‍රකට සජින් වාස්ට ඉතා කුළුපගව කටයුතු කළ කොලොන්නේ මෙනවිය ජනවාරි 08 වෙනිදායින් පසුව රාජපක්ෂ රජය බලයෙන් වීසි වූ විගස විදේශ අමාත්‍ය මංගල සමරවීර වටා කැරකෙන්නට විය. ඇය මේ වන විට එතෙර රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් සඳහා ඇඟිලි ගනිමින් සිටින විදේශ අමාත්‍යංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය සමග එක්ව අමාත්‍යංශය පාලනය කරනු ලබන්නීය.

රාජ්‍ය තාන්ත්‍රික සේවයට බඳවා ගැනීමට නියමිත නිලධාරීන් 185 ක් මේ වන විට සූදානම්ව සිටියදීත් ඒ බව පැවසීමට කොලොන්නේ මෙනවිය අසමත් ඇයි?  මෙම නිලධාරීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් නැති නිසා එකම මේසය දෙතුන් දෙනෙකු පරිහරණය කිරීම අමාත්‍යංශය තුල සුළභ දසුනකි. වාණිජ මණ්ඩලයෙන් පැමිණි නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්ත ත්‍රිවිද හමුදා නිලධාරීන් සහ සමහර අවස්ථාවන්වල පොලිස් නිලධාරීන් පවා විදේශ දූත සේවයට යවා ඇති බව කීමට කොලොන්නේ අසමත්ය. ඊට අමතරව පරිපාලන සේවයේ නිලධාරීන්ද විදේශ දූත සේවයට යැවීය. පහල ශ්‍රේණියේ ලිපිකරුවන් සහ ලිපිකරුවන් නොවන රජයේ සේවකයන් සහ රාජ්‍ය පරිපාලන සේවයේ නියුතුවූවන්ද මේ සඳහා යැවීය. මෙවැනි විශේෂ නිලධාරීන් රැසක් සිටියදී සුදුසුකම් ලත් නිළධාරීන්ගේ හිගයක්පවතින බව කෙසේද කොලොන්නේ සාධාරණීකරණය කරනු ලබන්නේ?. රාජ්‍ය සේවකයන්ට වඩා දේශපාලන පත්වීම් ලාභීන්ට බොහෝ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති බව ඇයට කිව හැකිද,  ඉතාම සීමිත දේශපාලන පත්වීම් සමග කදිරගාමර් මහතාගේ කාලයේ විදේශ දූත සේවාව කාර්යක්ෂමව පවත්වාගෙන් ගියේ කෙසේද යන්න ඇය අමතක කරනු ලබයි. වත්මන් දේශපාලන පත්වීම් සලකන විට ඥාතිත්වය, ව්‍යාපාරික සබඳතා සහ දේශපාලන විශ්වසනීයත්වය තනතුරු ලැබීමේදී කරලියට පැමිණ ඇත. එසේම දරුවන් විදේශ අධ්‍යාපනය ලබාදීම, අමතර මුදලක් ඉපයිම සහ මහළු වයසේදී  රජයේ වියදමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මෙම පත්වීම් පිටුපස පවතී.

සියළුම ස්ථානවලට තම දේශපාලන හෙංචයියන් පත්කිරීමෙන් මෙරට විදේශ සේවාව රාජපක්ෂවරුන් විසින් බාල්දු  කලේය. දැනුත් යහපාලන රජය සෙමින් ආරම්භ කරමින් සිටින්නේ එයමය. යුරෝපයේ දූත සේවාවට තානාපතිවරයා ලෙස නම් කළ වෘත්තීය නිලධාරියාගේ නම කපා හැර පසුගිය කාලයේ රාජපක්ෂ පාලනයෙන් පිල්මාරු කළ විශ්‍රාමිකයෙකුව නොබෝදා පත්කලේය. පහල ශ්‍රේණියේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු, සහ ලිපිකරු සහ ලිපිකරු නොවන තනතුරු සඳහා පත්වීම් ලබාදීම යහපාලන රජය විසින් ආරම්භ කර ඇත. මෙය රාජපක්ෂ උමතුව නැවත ක්‍රියාත්මකවීමකි. ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජතාන්ත්‍රික නිලධාරීන් වශයෙන් අදාළ රටේ පුරවැසියන් පත්කිරීමෙන් රාජපක්ෂවරුන්ටත් වඩා හොදින් යහපාලන රජය මෙරට විදේශ නියෝජිත සේවාව අවමානයට ලක්කරයි. මෙම දේශාපාලනිකව පත්කළ  නිලධාරීන් වැටුප් වලින් විනෝද වෙද්දී රජයේ වෘත්තීය නිලධාරීන් රාජකාරී කරගෙන යති.

ජනවාරි 08න් පසු යහපාලන රජය දේශපාලන පත්වීම් නැවත කැඳවනු ලැබීය. ඉන්පසු රාජ්‍ය තාන්ත්‍රික සේවාව කරගෙන ගියේ ජේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍ර නිලධාරීන් විසිනි. මෙම කාලය යහපාලන රජයේ සහ සමරවීර මහතා සම්බන්ධයෙන් ඇස් ඇරවන්නක් විය. මෙම කාලයේ විදේශ දූත සේවාව කිසිදු දේශපාලන ප්‍රධානීන්ගේ හෝ අනිකුත් දේශපාලන පත්වීම්වලින් තොරව ගැටළුවකින් තොරව කරගෙන යනු ලැබීය. මෙම සමහර දූත සේවාවන් ජනාධිපතිවරයාගේ සංචාර වලදී පවා ඉතා සාර්ථකව සිදුකෙරිණ. වෘත්තීය නිලධාරීන්ගේ හැකියාව සහ දේශපාලන පත්වීම් වලින් පැමිණියවුන් ලකුණු දා ගැනීම, පැරිස් සිදුවීම හොඳම උදාහරණයකි. එහි සිටි වැඩබලන තානාපතිවරයා සහ වෘත්තීය නිලධාරියෙක් විසින් UNESCO විධායක සභාව සඳහා වූ ශ්‍රී ලංකා මැතිවරණය සඳහා පෙරමුණ ගෙන සාර්ථකව සම්බන්ධීකරණ කටයුතු කලේය. ඡන්දයට මාස 2 කට පෙරතුව  තානාපතිවරයා වශයෙන් දේශපාලන පත්වීමක් ලැබූ වයස අවුරුදු 70 ක් පමණ වූ තිලකරත්න රණවිරාජා කොළඹට ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විදේශකටයුතු අමාත්‍යවරයාට මගපෙන්වීම සම්බන්ධයෙන් ස්තූතිය කලේය. (කුමන වර්ගයේ මගපෙන්වීමක්දැයි අපි මවිතවෙමු) නමුත් පහසුවෙන්ම ඔහුගේ නියෝජ්‍ය තානාපතිවරයාට ස්තූති කිරීම අමතක කලේය. යම්කිසි වරදක් සිදුවුවහොත් දේශපාලඥයින් එය විදේශ අමාත්‍යංශයට සහ සේවා නිලධාරීන් මතට පැටවීමට පහන්නුය.

මංගල සමරවීර කළ යුත්තේ වැඩබලන තානාපතිවරයා ස්ථිර කිරීමට හෝ සුදුසු වෘත්තීය නිලධාරියෙකු තීරණාත්මක ප්‍රධාන තනතුරට පත්කිරීමයි. නමුත් ඔහු කලේ දශක දෙකක පලපුරුද්දක් සහිත තරුණ වෘත්තීය නිලධාරීන් කිහිප දෙනෙකු නැගෙනහිර සහ මැද පෙරදිග තානාපති කාර්යාලවල ප්‍රධාන ධූත තනතුරු සදහා යවා තීරණාත්මක ස්ථාන සඳහා විහිළුකාරයින් රැසක් පත්කිරීමයි. සමරවීර විසින් ගැටලුසහගත සහ නුසුදුසු වෘත්තීය සේවා පත්වීම් රාජ්‍ය දූත සේවාව සඳහා ලබා දුන්නේය. දැන් ඔහු රාජ්‍ය දූත සේවාවේ පැමිණිලි සහ ක්‍රියාකාරිත්වය සෙවීම සඳහා පරීක්ෂකයින් යැවීම ගැන කතා කරයි. සුදුසු පුද්ගලයින් යැව්වේනම් මෙවැනි පරීක්ෂකවරුන් යැවීමට අවශ්‍යතාවයක් නැත. අමාත්‍යංශයෙන් හෝ බාහිරින් මෙම පරීක්ෂකවරු බඳවා ගන්නේද යන්න ඔහුට නිශ්චිත නැත. බාහිර පුද්ගලයන් මේ සඳහා යොදවා ගන්නේ නම් විදේශ සේවාවන්ට දේශපාලන හෙංචයියන්ට අවස්ථාවක් හිමිවනු ඇත. සමරවීරට අමතකව ගොස් ඇත්තේ රාජ්‍ය දූත සේවාවන්ට විගණන කණ්ඩායම් විසින් එහි සංචාරය කර විමර්ශණ සිදුකරන බවයි. එහි නරක වාර්තාවක් පැවතියොත් පසුගිය අත්දැකීම් අනුව දේශපාලඥයන්ගේ හොඳ හිත දිනා ගත් දේශපාලන පත්වීම් ලාභීන්ට කිසිවක් සිදු නොවේ.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබුනේ රාජ්‍ය දූත සේවාව කප්පාදු කරන බවයි. රාජපක්ෂවරුන් අප්‍රිකානු වෙත යොමුවීම සඳහා අප්‍රිකානු කළාපයේ දූත සේවා ගණනාවක් ආරම්භ කළහ. තමන්ගේ හිතෛශීයන් රැක බලා ගැනීමට සමහර ස්ථාවල දූත සේවා ඇරඹීය. දූත සේවා වසා දැමීම වැදගත් නොවේ. දූත සේවාව පවත්වාගෙන යාම හොද එකකි.  වසර කීපයකට පෙර ප්‍රවීණ සිවිල් නිලධාරියෙකු වූ එම්.ඩී.එච් පීරිස් මහතා ප්‍රධානියා ලෙස කටයුතු කළ විදේශ සේවාව නැවත ගොඩ නැගීමේ කමිටුව සම්පාදනය කරන ලද වාර්තාව මගින් කවර දූත සේවාවන් වසන්නේ දැයි අදහසක් ගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයාට හැකිය. හර්ෂ ද සිල්වා ට මෙම රාජ්‍ය දූත සේවාව ප්‍රතිසංස්කරණය කිරීමට ඇත්තටම අවශ්‍ය නම් අප අභියෝග කරන්නේ දේශපාලන පත්වීම් දූත සේවාවට ලබා දීම නතර කරන ලෙස හා දැනට දී ඇති පත්වීම් විමර්ශණය කර නුසුදුස්සන් ඉවත් කරන ලෙසයි. යම්කිසි දේශපාලන පත්වීම් ලාභියෙකුට විශේෂිත සුදුසුකම් හෝ පළපුරුද්ද පවතීනම් ඔහුව තබා ගත යුතුය. නමුත් නිකම්ම දේශපාලන බලවතුන්ට ලබා දී ඇති පත්වීම් නැවත කැඳවිය යුතුය. එවැන්නන් වෙනුවෙන් නැවත පත්කිරීම් නොකිරීමෙන් කටයුතුවලට බාධාවක් නැතිවම දූත සේවාවේ නිලධාරීන් කප්පාදුවට ලක්වේ.

ඇත්ත ප්‍රශ්නය ගැන කතා නොකර සමරවීර සහ සිල්වා යන දෙදෙනාම බාල වර්ගයේ මාධ්‍ය ප්‍රචාරක් ලබා ගැනීමට උත්සාහ ගන්නා බව පෙනේ. මෙවැනි දේශපාලන ප්‍ර යෝග සඳහා ජනවාරි 08 වෙනසක් සිදු නොකලේය. මෙසේ දිගටම සිදුවේනම් වැඩිකල් නොගොස්ම යහපාලන නියමුවා අතීත කුණු කූඩයට ගොස් අවසන් වේ.

Share this article

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top