Untitled 1

සාකච්ජා අසාර්ථකයි,  තෙල්  වැඩවර්ජනය තවදුරටත් !

ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.අද පෙරවරුවේ සිට මේ මොහොත දක්වාම අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ  වෘත්තීය සමිති අතර වැඩවර්ජනය හා සේවක ඉල්ලීම් පිලිබඳ අමාත්‍යාංශයේදී සාකච්ජා පැවැත්වුණු අතර එම සාකච්ජා අසාර්ථක බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ.

 ජනාධිපතිවරයා සමඟ පවත්නා අර්බුදකාරී තත්ත්වය පිලිබඳ සාකච්ජා කිරීමට අවස්ථාවක්  වෘත්තීය සමිති ඉල්ලා ඇතත් අද ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් නොමැති බවත් හෙට දිනයේ එම සාකච්ජාව පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති අතර එතෙක් වර්ජනය  අත්හිටුවන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරන්නේ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය විශ්වාස කළ නොහැකි හෙයින් ජනාධිපතිවරයා විසින්  ඛනිජ තෙල් සංස්ථාව ආරක්ෂා කර ගැනීම ඇතුළු සිය ඉල්ලීම් ඉටුකරන බවට ලිඛිත එකඟතාවක් නොමැතිව වැඩවර්ජනය අත්හිටුවන්නේ නැති බවයි.


ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විටත් ඉන්ධන නොමැතිවීම නිසා දිවයින පුරා  ඉන්ධන පිරවුම් හල් 600ත් 700ත් අතර ප්‍රමාණයක් වසා  දමා  ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

අද උදැසන සිට අප මාධ්‍යවේදියා සාකච්ජා පැවැත්වෙන අමාත්‍යාංශ  පරිශ්‍රයේ රැඳී සිටින අතර වැඩවර්ජනය හා ඒ සම්බන්ධ නවතම තත්ත්වය පිළිබඳ ලද සැණින් තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

නිශාන්ත ප්‍රියදර්ශන

Share this article

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top