1150 x 80 px

ශ්‍රී ලංකා ඉනිම 419 කට සීමා වෙයි
පකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 419 කට සීමා විය. දෙවැනි දිනය වූ අද දිනයේ තේ පානයෙන් මද වේලාවකට පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දැවීයන විට ඔවුන් පන්දු වාර 154.5 කට මුහුණ දී තිබිණි. 
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුනු 155 ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස ලකුණු 93 දී දැවී ගියේය. නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 83 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
 
මොහමඩ් අබ්බාස් සහ යසීර් ෂා කඩුලු තුන බැගින් දවාගත් අතර හසන් අලීට කඩුලු දෙකක් හිමිවිය.
 
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්තානය මේ වනවිට පන්දුවාර 5 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබාගෙන සිටී.
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top