1150 x 80 px

 

ජාතික ඔලිම්පික් කමිටු සභාපතිට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයෙන් හරසර!


ධූරයෙන් නික්ම යන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ඔහු වෙත සිය උපහාරය දැක්වීය. ඊයේ (09) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව එම උපහාර දැක්වීමේ අවස්ථාව යොදා ගෙන තිබූ අතර ටෙනිස් සංගමයේ නියෝජිතයන් ඇතුළු සෙසු ක්‍රීඩා සංගම් රැසක නියෝජිතයන් එම අවස්ථාවට එක්ව සිටියේය.

ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර 22 ක කාලයක් හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට නැවත හේමසිරි ප්‍රන්නදු මහතා ඉදිරිපත් නොවන අතර සභාපතිධූරය වෙනුවෙන් ආසියානු ටෙනිස් සම්මේලනයේ උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඉදිරිපත්වීමට නියමිතය. ඒ බව නිල වශයෙන් දැනුම් දීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා සිය සේවා කාලය තුළ ඉතා ඉතා විශිෂ්ට අන්දමින් ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙයවීමේ සිට ක්‍රීඩකයන්ගේ උන්නතිය වෙනුවෙන් නිහඬ සේවයක නියැලුණ බවයි ක්‍රීඩා සංගම් නියෝජිතයන් සඳහන් කළේ. ඉතා කුඩා ස්ථානයක සිට අද දවස වන විට ඔලිම්පික් නිවහන ඉදිකිරිම දක්වා විශාල කැපවීමකින් හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇති අතර එය මෙරට ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන්ටද ආදර්ශයක් බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top