1150 x 80 px

 

ටෙස්ට් උප නායකත්වය සුරංග ලක්මාල්ට
බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ උප නායකත්වය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද එම තරගාවලියට සභාගි වන කණ්ඩායම නිළ වශයෙන් ප්‍රසිද්ධියට පත්කළ අතර ඒ අනුව නායක දිනේෂ් චන්දිමාල්ගේ සහායකයා ලෙස කටයුතු කිරීමේ වගකීම සුරංග ලක්මාල්ට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජනවාරි 31 වැනිදා ආරම්භ වේ.
 
ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් මේ වනවිට තරග 42 කදී කඩුලු 96 ක් බිඳහෙළා තිබේ. ඔහු පසුගිය දකුණු අප්‍රිකානු සහ ඉන්දියානු සංචාරවලදී සිය දක්ෂතා වර්ධනය කරගෙන ඇති ආකාරයක් ප්‍රදර්ශනය කළ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිමක කඩුලු 5 ක් දවාගැනීමට ද සමත් විය. එය ඔහුගේ පළමු කඩුලු 5 දස්කම් වූ අතර දකුණු අප්‍රිකානු භූමියේදී එවැනි දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.
 
සිය ටෙස්ට් කඩුලු 100 සම්පූර්ණ කිරීම සඳහා ඔහුට තවත් කඩුලු 4 ක් පමණක් අවශ්‍ය වේ. මෙම තරගාවලියේදී ඔහු එම කඩඉම සම්පූර්ණ කරනු ඇත.
 
බංග්ලාදේශ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර පසුගිය ඉන්දීය තරගාවලියට සහභාගි නොවූ කුසල් මෙන්ඩිස් නැවත සංචිතයට කැඳවා තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top