1150 x 80 px

 

ලෝක පාපන්දු ශූරතා කුසලානයක් ප්‍රථම වතාවට ලාංකික ජනාධිපතිවරයෙකුට පිළිගැන්වේ

පාපන්දු ලෝක ශූරතා කුසලානයක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඊයේ (23) රැගෙන එනු ලැබූ අතර එය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම කොටුව ජනාධිපති මන්දිරයේදී අද (24) පෙරවරුවේදී සිදු විය.

 

එම අවස්ථාවට අවස්ථාවට ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.

මෙම කුසලානය ලොව පුරා මහද්වීප 6ක රටවල් 54ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට නියමිත වේ. ආසියාව තුල ශ්‍රී ලංකාවට හැරුණු කොට පාකිස්තානය සහ මාලදිවයින යන රටවල් දෙකට මෙම කුසලානය රැගෙන යනු ඇත.

2018 ලෝක ශූරතා පාපන්දු කුසලාන තරගාවලිය ජූනි මස රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top