1150 x 80 px

 

ඩේවිස් කුසලාන තරගයෙන් ෂාමල්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රධානතම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය වන ඩේවිස් කුසලාන තරගාවලියේ තුන්වැනි කොටසේ පැවති තරගයකින් තායිලන්ත ක්‍රීඩකයා පරාජය කර වට 2-0 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ෂාමල් දිසානායක සමත් විය. මෙම තරගය පසුගිය 03 වැනිදා ශ්‍රී ලංක ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම තරගාවලිය දින දෙකක් පුරා පැවති අතර පළමු තරගයට මුහුණ දුන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ටෙනිස් පිටියට බට ෂාමල් දිසානායක සහ තායිලන්තයේ ජිරාන් නවසිරිසොම්බූන් ක්‍රීඩකයාය.
 
තරගයේ පළමු වටයේදී 3/1 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ජිරාන් සමත් වුවද එම වටය අවසන් වනවිට 6/4 ක් ලෙස පළමු වටය ජයගැනීමට ෂාමල් දිසානායක සමත් විය. දෙවැනි වටයේදී සිය ප්‍රතිවාදියාට මුල සිටම හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් ෂාමල් එම වටය ජයගත්තේ ලකුණු 7/5 ක් වශයෙනි.
 
දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා සහභාගි වූ අතර 2-0 ක් ලෙස එම තරගය පරාජයට පත්වීමට ඔහුට සිදුවිය. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ තායිලන්තයේ අංක 01 ක්‍රීඩකයා වන විෂයා ට්‍රොන්ග්චරොනචෛකුල් ක්‍රීඩකයාය.
 
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
 
UN
 
devis cup 1
devis cup 2
devis cup 3
devis cup 4
devis cup 5
devis cup 6
devis cup 7
devis cup 8
devis cup 9
devis cup 10
devis cup 11
devis cup 12

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top