1150 x 80 px

පකිස්ථාන් සුපර් ලීග් අද ඇරඹෙයි
පාකිස්ථානු ප්‍රීමියර් ලීග් තරගාවලිය අද (09) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතය. පසුගිය වසරේදී ආරම්භ වූ පකිස්ථාන් සුපර් ලීග් හෙවත් PSLමෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.
තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් එක්වන අතර පසුගිය වසරේ ශූරතාවය දිනාගත් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම පකිස්ථානු ටෙස්ට් නායක මිෂ්බා උල් හක්ගේ නායකත්වයෙන් තරග වදී. කරච්චි කිංග්ස් කණ්ඩායමේ නායකත්වය කුමාර සංංගක්කාරට හිමිව ඇති අතර සෙසු කණ්ඩායම්වල නායකයන් ලෙස ඩැරන් සමී (පෙෂාවර් ෂල්මි), සර්ෆරාස් අහමඩ් (ක්වට්ටා ග්ලැඩියේටර්), බ්‍රෙන්ඩන් මැකලම් (ලාහෝර් ක්වලන්ඩර්) කටයුතු කරයි.
 
පකිස්ථානයේ පවති අස්ථාවර ආරක්ෂක තත්වය හේතුවෙන් තරගාවලිය පසුගිය වර මෙන්ම මෙවර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හා සාජා ක්‍රීඩාංගනවලදී පැවැත්වේ. අවසන් තරගය ලාහෝර්හිදී පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර කෙසේ වෙතත් එය ආරක්ෂක තත්වය හා ක්‍රීඩකයන්ගේ කැමැත්ත මත තීරණය වනු ඇත.
 
මෙම තරගාවලිය සඳහා සංගක්කාරට අමතරව මහේල ජයවර්ධන හා තිසර පෙරේරා එක්ව සිටී. මහේල කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර තිසර ග්ලැඩියේටර් කණ්ඩායම නියෝජනය කරයි. මීට අමතරව එංගලන්ත, නවසීලන්ත, කොදෙව් ක්‍රීඩකයන් රැසක් පකිස්ථාන් සුපර් ලීග් සඳහා එක්ව සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top