1150 x 80 px

වැස්ස වළාහක දෙවියෝ රාජකීයන් බේරා ගනී!

අද (11) අවසන් වූ රාජකීය - ශාන්ත තෝමස් විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම හෙවත් ‘Battle of Blues ' මීට ස්වල්ප වේලාවකට ඉහතදී නවතා දමන ලදී. ලකුණු 52 කට කඩුළු 8 ක් බිඳ වැටී, අනිවාර්ය ඕවර 20 ක් යැවීමට තිබියදී ඇති වූ වර්ෂාව හේතුවෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට තම පෙනෙන තෙක් මානයේ තිබූ ජයග්‍රහණය, ග්‍රහණය කර ගැනීමට නොහැකි වූයේ වැස්ස වළාහක දෙවියන් රාජකීය පිළ බේරා ගත් හෙයිනි.

තරඟයේ පළමු ඉණිමේදී රාජකීය පිළ ලකුණු 255 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශාන්ත තෝමස් පිළ කඩුළු 9 ක් ලකුණු 357 ක්  රැස් කර ගන්නා ලදී. දෙවන ඉණිම සඳහා රාජකීය පිළ කඩුළු 8 ක් දැවී ලකුණු 154 ක් රැස්කර ගන්නා ලදී.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපාලඥයින් විශාල සංඛ්‍යාවක් වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම නැරඹීමට පැමිණ සිටි අතර එහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top