චන්දිමාල්ගෙන් ශතකයක්
බංග්ලාදේශ-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 8 කට ලකුණු 268 ක් ලබාගෙන සිටී. ඊයේ දිනය අවසාන වනවිට ලකුණු 86 ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් අද (16) සිය ශතකය සම්පූර්ණ කළේය.
මෙම ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ අටවැනි ශතකය වන අතර මෙම වසරේ වාර්තා කළ පළමු ශතකයයි.
 
ඊයේ උදෑසන සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසාන වනවිට කඩුලු 07 ක ලකුණු 238 ක් ලබාගෙන සිටියේය. චන්දිමාල් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවකාශය නොලැබිණි.
 
ධනන්ජය සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 බැගින් ලබාගත් අතර මුස්තෆිසුර්, මෙහෙදි හසන්, ෂකීබ් අල් හසන් කඩුලු දෙක බැගින් බිඳහෙළූහ.
 
මේ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 289 ක් ලබාගෙන සිටී. කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 123 ක් ලබාගෙන සිටින අතර සුරංග ලක්මාල් ලකුණු 05 ක් ලබාගෙන සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top