1150 x 80 px

ශ්‍රී ලංකා පළමු ඉනිම 346 කට සීමා වෙයි
ශ්‍රී ලංකා -සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 346 ක් පමණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 356 ට පිළිතුරු ලෙසයි.
දෙවැනි දිනයේ තරගය නිමාවට පත්වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 293 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද දිනයේදී ලකුණු පුවරුවට එක්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 53 ක් පමණි.
 
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ උපුල් තරංග ලකුණු 71 ක් ලබාගත් අතර නායකයා ලෙස සිය පළමු තරගයට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක් රැස් කළේය. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නායකත්වය දැරූ මංගල තරගයේදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි. මීට අමතරව අසේල ගුණරත්න ලකුණු 45 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 ක් ලබා ගත්හ.
 
පන්දු යැවීමේදී ලකුණු 125 කට කඩුලු 5 ක් දවා ගැනීමට සිම්බාබ්වේ නායක ග්‍රෙහැම් ක්‍රිමර් සමත් විය. සීන් විලියම්ස් කඩුලු 2 ක් බිඳහෙළීය.
 
තෙවැනි දිනයේ දිවා ආහරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතරක් දැවී ලකුණු 23 ක් රැස් කරගෙන සිටී. ඒ අනුව ඔවුන් ලකුණු 33 ක් ඉදිරියෙන් සිටී.
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top