Untitled 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමන්ගේම විසඳුමක් තිබිය යුතුයි - මුරලි
මේ වනවිට වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීම සඳහා ක්‍රිකට්වලට සම්බන්ධ පුද්ගලයන්ට ඔවුන්ගේම විසඳුමක් තිබිය යුතු බව හිටප දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
තමන් විශ්‍රාම ගොස් වසර හයක් පමණ වන බවත් විශ්‍රාම යෑමෙන් පසු මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය හා සම්බන්ධ නොවූ හෙයින් සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් මුරලි පවසයි. ක්‍රිකට් ගොඩනැංවීම සඳහා මුරලි, සගක්කාර, මහේල වැනි ප්‍රවීනයන්ගේ සහාය ලැබිය යුතු බවට මතයක් මේ වනවිට සමාජය තුළ ස්ථාපිත වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් මුරලි පවසන්නේ තමන් ඇතුළු තිදෙනාම විවිධ කාරණා හේතුවෙන් කාර්යබහුල වී ඇති බවයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලධාරීන්ට ඔවුන්ගේ විසඳුම් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
 
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ඉන්දීය තරගාවලිය ඉතා දුෂ්කර එකක් වනු ඇති බවයි මුරලි පෙන්වා දෙන්නේ.
 
ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුරලිදරන් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා සම්බන්ධව සිටින අතර 2018 වර්ෂයේදී එම කණ්ඩායම නැවත තරගාවලියට එක්වනු ඇත. එම කණ්ඩායමට පැනවූ තරග තහනමක් හේතුවෙන් වසර දෙකක් තරගාවලියට සම්බන්ධ නොවීය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top