විශ්වාන්තර ගමනකින් පසුව වෙනත් විශ්වයකට යමුද ?

Date:

ක්‍රමයෙන් මැදියම එලඹෙත්ම
සේපාලිකා මල් යහනක
ඔබ පරෙස්සමෙන් සතපා තබා
නික්මෙන්නට සිදුවේ !

දහවලෙහි දාහය ගණනකටවත් නොගෙන
තැනින්තැන විසිරුණු දූපත් අතරෙහි
අප අපේ නවාතැන සදන්නේ කොහේදැයි
වෙහෙසවෙමින්, ඇවිදිමින්, නැවතෙමින්,
යලිදු ගමන් කරමින්, ගෙවා ගවු ගණන් දුර

“විශ්වාන්තර ගමනකින් පසුව
වෙනත් විශ්වයකට යමුදැ” යි
ඔබ ඇසූ පැණයට මුනිවත රැකගෙන
සිටියාට විරසක නොවන්න !

බදා සිඹ මෘදු කොපුල ඔබ ඇහැරෙන්න පළමුව
සිසිතරන නිද්‍රාවෙන් මදක් හෝ නොමුදවාගෙන
පෙලක් දිනවල සුසුමකින් පමණක් සමුගෙන
පසු නොහැරී නික්මෙමි මහ බරක් අරගෙන !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

100% ඵලදායී පිළිකා එන්නතක් රුසියාවෙන්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 100% ඵලදායී පිළිකා...

වනයෙහි අලංකරණය වෙනස් මානයකින් දකින්නවුන් වෙනුවෙන් සම්මාන උළෙලක්!

සටහන – පුලී සැප්තැම්බර් 09, කොළඹ (LNW): දඩයම් කිරීම චීටාවන්ට...

ඇමරිකානු වැටලීමකදී රඳවා සිටින කම්කරුවන් ගෙන්වීමට දකුණු කොරියාවෙන් ගුවන් යානයක් ‍යැවීමට සැලසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ එක්සත්...

මානසික හා බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපිය සහ භාරකරුවන්ගේ එකමුතුවක්!

කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ...