2025 නව වසර උදාවෙයි – අලුත් වෙබ් අඩවි තුනක් අද එළිදකී 

Date:

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.


පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය.

විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි.

නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටියේය.

දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවති බව සඳහන්ය.


 The Leader’ මාධ්‍ය ජාලයෙන් 2025ට අලුත් ඇරඹුමක් !

pulse line 2025.01.01
සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දිනපතා විශේෂාංග පුවත් හා කාලීන මතවාද ප්‍රකාශයට පත්කරනු ලබන ‘ද ලීඩර්’ මාධ්‍ය ජාලය මඟින් අද (01) දින සිට නව වෙබ් අඩවි 03ක් එළිදැක්වීමට කටයුතු කර  ඇත.

                  
ඒ අනුව  vow.lk  වෙබ් අඩවිය අද දිනයේ අන්තර්ජාලයට එක්වේ. කාන්තාවන් වෙනුවෙන්ම වූ එම සිංහල මාධ්‍ය වෙබ් අඩවියේ සංස්කාරකවරිය ලෙස අභිෂේකා වාසලබණ්ඩාර කටයුතු කරයි.


දමිළ මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන puthiyakural.lk  අලුත් වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සිද්ධික් කරියප්පර් කටයුතු කරනු ලබන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන pulseline.lk  වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස කෙෂාල් ජයසිංහ කටයුතු කරනු ලබයි.


‘ද ලීඩර්’ කළමනාකාරිත්වය යටතේ ඉදිරියේදී තවත් සමාජ මාධ්‍ය ප්‍රකාශන කිහිපයක්ම නව ආකෘතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත වන අතර  ‘ද ලීඩර්’ මෙතෙක් පවත්වාගෙන ගිය ප්‍රතිපත්ති රාමුව තුළ මෙන්ම මාධ්‍ය ආචාර ධර්මයන්ට යටත්ව ඉදිරියටද කටයුතු කරන බව  එම කළමනාකාරීත්වය අවධාරණය කර සිටියි.

ලැබුවාවු 2025 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි ‘දී ලීඩර්” මාධ්‍ය මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා කරයි.

The Leader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...