පරණ ගමන යන්න අපට අයිතියක් නැහැ. අපි ආවේ අලුත් වැඩකට – සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:රටේ ජනතාවගේ සිහිනය මල්පල ගැන්වීමට ක්‍රියා කළ යුතුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේය.

ඒ, අද (01) ජනමධ්‍ය අමාත්‍යාංශයේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අවස්ථාවට එක්වෙමිනි.

කෙටි උත්සවයකින් අමාත්‍යාංශයේ රාජකාරී ඇරඹු අතර ජාතික කොඩිය එසවීමෙන් පසු රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව අද දින ආරම්භ කරනු ලැබූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්විය.

රජාකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ඇතැම් දේවල අංශක 180කින් හැරවීමට සිදුවන අතර ව්‍යවස්ථාවෙන් පවා වෙනස්කරගත් ඇතැම් කරුණු යළි ව්‍යවස්ථාමය වෙනසකට ලක්කිරීමටද සිදුවන බවයි.

මේ අතර ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද රජය වඩා හොද අවධානයක් යොමුකළ යුතුව ඇති බවද නියෝජය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”ජනතාව වෙනුවෙන් තමයි ඔබත් අපත් ඉන්නේ. ජනතාව පසුගිය දවසේ තීරණයක් ගත්තා අලුත් වැඩපිළිවෙළක් එක්ක ගමනක් යන්න. ජනතාව වෙනසක් ඉල්ලපු නිසයි මමත් දේශපාලනයට ආවේ. පරණ ගිය ගමන යන්න අපිට අයිතියක් නෑ. අපි ආවේ අලුත් වැඩක් කරන්න. මේක අභියෝගාත්මක වැඩක්.
මේක සුවිශේෂී ජන වරමක්. මේ රටේ වෙනසක් ඕන කියලා ප්‍රර්ථනා කරපු දහසක් ජනතාව හිටියා. 89 මේ සිහිනය නිසා පිරිසක් මියගියා. රටේ ඒකීයත්වය වෙනුවෙන් පිරිසක් මියගියා. මේක බර වැඩක්. මේ පාර ජන්ද දායකයින් වෙනුවට පුරවැසියන් ජන්දය දුන්නේ. රාජ්‍ය සේවකයින් විදිහට පුරවැසියන් විදිහට වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සේවයක් වෙලා නෑ. මිනිස්සු වෙත පණිවිඩය අරගෙන යාමේ වගකීම ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත තියෙනවා. ජනමාධ්‍යවේදීන් ජීවත්වෙන විදිහ පිළිබද සොයාබැලීම අප කළ යුතුයි. සමහර ආයතන වැටුප් ගෙවන්නේ නෑ. ජනමාධ්‍යකරුවන් ජනමාධ්‍යවේදීන් කිරීමේ වගකීම අපට තියෙනවා. රටේ මිනිසුන්ගේ සිහිනය මල්පල ගන්වන්න කටයුතු කරමු. සමහර දේවල් අංශක 180 හැරෙන්න වෙනවා. ව්‍යවස්තාවෙන් වුනත් වෙනස්කරගත් දේවල් වෙනස්කරගන්න අප සූදානම්.”
යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...