ඕෂධ සේනානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRCSL) අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ තරුණ ක්‍රියාකාරිකයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකු ද වන මිලින්ද රාජපක්ෂ මහතාව පත් කිරීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
මිලින්ද රාජපක්ෂ මහතා දැනට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරයි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ ඔහු කොළඹ නගරසභාවේ ළාබාලතම මන්ත්‍රීවරයෙකු ද විය. වත්මන් රජය යටතේ ඔහු ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.
RN