Sunday, December 3, 2023
spot_img

Latest Posts

ගම්මන්පිලගේ වෑයම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න! (VIDEO)

බදු ගිවිසුමකින් තොරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට භාවිතා කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබියදී උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව උත්සහ කරන්නේ අනීතික තත්ත්වයට නීත්‍යානුකූලභාවයක් ලබා දීම බව ජනතා විමුක්ති පෙරමුණේ මධයම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට පැවරුවේ කුමන අවස්ථාවේද යන්න ජයතිස්ස මහතා කියාසිටියි.

එලෙස පැවරුවා නම් ඊට අදාළ බදු ගිවිසුම් ඉදිරිපත් කරන ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසන පරිදි මෙතෙක් කාලයක් එම තෙල් ටැංකි ඉන්දියානු සමාගමට දී තිබුණේ නම් මීට පෙර සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන හිටපු බලශක්ති අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණු කැබිනට් පත්‍රිකා කියවා බලන ලෙස ද ගම්මන්පිල අමාත්‍යවරයාට පවසන්නේ යැයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.