ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

උතුර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...