චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

Date:

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසර බව ඔහු එහිදී සඳහන් කළා. චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බවත්. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරමින් විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

2026 වසර චීනයේ ’15 වන පස්අවුරුදු’ සැලැස්මේ ආරම්භක වසරයි. එහි ඉලක්ක හා අරමුණු තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට චීනය අපේක්ෂා කරනවා. එමෙන්ම පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දෙමින්, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...