රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW :
2026 නව වසරට සුභ පැතුම් එක්කරමින් ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව නව වසර වෙත පියවර තබන්නැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ගෙවී ගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව අග්‍රාමාත්‍යවරිය පවසයි.එමෙන්ම පසුගිය වසර තුළ නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පිහිටුවීමටත් හැකි වූ බව අග්‍රාමාත්‍යවරිය පවසන ලදි. ව්‍යයසන තත්ත්ව හේතුවෙන් පසුගිය වසර අභියෝගමත් වසරක් වු බවත්, උදාවූ 2026 නව වසර අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දෙන්නීය.


