නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW:
අද ජනවාරි පළමුවැනි දා.
ඉකුත් වසරේ ක්‍රිඩාවට සතුටු වෙන්න දේවල් තිබුණෙ අඩුවෙන්.ඒ අඩුවට හේතුව හරියට තෝරා ගෙන අවබෝධ කරගෙන දක්ෂයන් ඉදිරියට ගෙන ඒම සඳහා වැඩ පිළිවෙලක් නොමැති වීමයි.ඒ සඳහා වන බලධාරීත්වයක් සමස්ත ක්‍රීඩාවන්ට මෙන්ම ඒ ඒ ක්‍රීඩාවන්ට බෙදී ගිය ආකාරයේ ද දකින්නට නැහැ.
සෆියා යාමින් ඉකුත් වසරේ වැඩිම අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩිකාවයි.එහෙත් ඇය රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගන්නා මොහොත වන විට මලල ක්‍රීඩා පරිපාලනය හෝ,වෙනත් ව්‍යහුයක් මඟින් කළ හැදෑරීමක හෝ අමාත්‍යංශය හෝ සිඳු කරන ව්‍යාපෘතියක් මඟින් ඇයව විශේෂ කොට හඳුනාගෙන ඉහළ ගෙවීමක් සහිත සංචිතයකට ඇතුළත් කර තිබුණේ නැහැ.ඒත් හැම ආණ්ඩුවක්ම වගේ අපේ වැඩ පිළිවෙලක් කියලා තමන්යම තම්මැට්ටම් ගහගෙන නැටුම් පද තියාගෙන සතුටු වුණා.
මලල ක්‍රීඩාව ගැන ඉහත උදාහරණය ගත්තම ඉතුරු ටික හිතාගන්න පුළුවන්.නිලධාරීන් නිසා වගේම වෙනත් හේතු නිසා ද සංචාරවලදි පුහුණුකරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විඳින්න වූ ගැහැට අපමණයි.සමහර සංගම්වලට දඬුවම් දෙන බව කිව්වත් ඒ අයට කෙස් ගසක හානියක් නැතුව ඉන්න පුළුවන්.සද්ද හැටියට අහෙන්නෙ පිරුණු හිස් බව පිපිරීමම පමණයි.
මහා ආන්දෝලනයක් කරලා ක්‍රීඩා පණත සංශෝධනය කළා.ඒ සංශෝධනයෙදි ක්‍රීඩා කර තිබිය යුතුමයි ක්‍රීඩා පරිපාලනයක ප්‍රධානියා වෙන්න වගේම තවත් නිලතල කිහිපයකට පත්වෙන්න කියා තිබුණ වගන්තිය යම් ආකාරයකට වෙනස් කළා.ඒක හොඳ වැඩක් බවයි අපේ හැඟීම.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පත්වීමේදී පවා එහෙම අපේක්ෂකයින් ප්‍රධාන තරගකරුවන් බවට පත් වෙනවා.ඒත් මේ වෙනස සීමා වෙලා තිබුණා.අවුරුදු 10 වෘත්තීය අත්දැකීම් ඇති වෛද්‍යවරයෙකුට,නීතිඥයෙකුට,ඉංජිනේරුවෙකුට මෙන්ම අමාත්‍යවරයාගේ වෘත්තිය වන වරලත් ගණකාධිකාරිවරයෙකුට මේ තනතුරු සඳහා එම වසර 10 සේවා පළපුරුද්ද මත ඉදිරිපත් විය හැකි බව එම සංශෝධනයෙන් ප්‍රකාශ වෙනවා.
ඇමතිවරයා අවසානයට කරලා තියෙන්නේ ක්‍රීඩා පණත හරහාත් තමන්ගෙ රස්සාව උස්සන වැඩක්.ඒ උස්සන්න හදපු අට්ටාලෙට නැඟපු ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික සේනානායක තමයි මලල ක්‍රීඩා නිලවරණයෙදි තමන්ගෙ තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරලා නැහැ කියලා මැතිවරණය සඳහා පත් කළ නිල කමිටුව තීරණය කළාම ඒකට විරෝධතාවය දක්වලා මාස ගාණක් නිසි පරිපාලනයක් නැති කරලා මලල ක්‍රීඩා කේෂ්ත්‍රයම අසරණ කළේ.
ඒ වගෙම තමයි ක්‍රීඩා අමාත්‍යංශය වෙනසකට මේ රටේ ක්‍රීඩාංගණ පාලනයේ වෙනසක් ඇති කරයි කියන කාරණය බලාපොරොත්තු වුණා.විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට අමතරව තියෙන රාජ්‍ය පරිපාලනයට අයත් ප්‍රාදේශිය පරිපාලන ඒකක වගේම අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ක්‍රීඩාංගණත් සළකා බලයි කියන බලාපොරොත්තුවත් තිබුණා.ඊට හේතු තිබුණා.බහුවිධ කාර්යයන් සඳහා ක්‍රීඩාංගණ භාවිතයේදී එහි පොළවට වෙන බරපතල හානිය අවම කිරීම එහි ප්‍රධානම කරුණ වුණා.එවැනි දේ සිඳු නොවනාකාරයට ක්‍රීඩා පිටි පාලනය කිරීමට අනෙකුත් අමාත්‍යංශ සමඟ සම්බන්ධීකරණයක් සහ සාකච්ඡාවක් බවත්වා එකඟතාවයකට එන ලෙස අමාත්‍යවරයාට මේ ලියුම්කරුම යෝජනා කළා.
එහෙත් වෙනත් හේතු මත තවත් ඇමතිවරුන්ගේ දේශපාලනයේ පට්ට ගැසුණු චරිත සහ ඒ පරිපාලන තුළ කළ වැරදිවලට ඉලක්ක වූ පිරිස් වට කරගෙන කටයුතු කරන අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඔවුන්ගේ පහසුව සහ හිතසුව පිණිස ගලා එන අදහස් රුවන්මය වැකි ලෙස විශ්වාස කරනවා.ඉන් ඔබ්බට මාධ්‍යයක් පෙන්වා දෙන කරුණක් වුව තර්කයකින් තොරව බැහැර කරමින් ඔහු සියල්ල දැන පැමිණ ඇති බවත්,කරන සියල්ලම නිවැරදි බවත් දැඩි උද්ධච්ඡබවකින් විශ්වාසයට ගෙන සිටිනවා.
මේ ක්‍රමය මාරයි සහ සෘජුයි කියමින් හුදු වාර්තාකරණයේ නියැලෙන අමාත්‍ය හොරණෑවන්ද අඩු නැහැ.ඒවා ද ඒ අත්වලින් එදා සිට සිඳු වූ දේවල් වන අතර අලුත් සහ වෙනස් කිරීමේ උත්සාහයන් වෙනුවට වරප්‍රසාද ලෙස කියවන විට ලිවීම් කියන දේ කීම් වැනි මාධ්‍ය සංස්කෘතින්ද මේ පොළවේ පවතිනවා.
මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා ක්‍රීඩා පිටි තුළ කිසිඳු ලාභයක් නොලැබ පෙනී සිටි, පුහුණුකරුවන් සහ ක්‍රීඩා ප්‍රේමීන් අද වන විට සිටින තැන ඇතැම් පුහුණුකරුවන් අමාත්‍යවරයාව අමතන වීඩියෝවලින් පෙනෙන්නට තිබෙනවා.ඒ අය අමාත්‍යවරයා සමීප කරගෙන සිටින අයට වඩා එම කේෂ්ත්‍රවල වගකීම් සහගතව හැසිරුණු වැඩ කරපු අය.පොඩ්ඩක් ගෙවුණු වසර සහ කරපු වැඩ සහ ඒවායේ ප්‍රතිපල සහ ප්‍රතිචාර ගැන සැළකිළිමත් වුණොත් මේ වසර වුවත් ක්‍රීඩාව ජාතික වටිනාකමක් සහිත තැනකට ගෙන යාම අසීරු නැහැ.වැරදි පිළිගැනීම අවශ්‍යය නැහැ.එසේ නොකර තමන්ගේ මාන්නයත් තියාගෙනම නිවැරදි විය හැකියි.අවශ්‍යයනම් අලුත් ප්‍රතිපත්තයක පිහිටා වැඩ කිරීම ලෙස ඊට බරක් ද යොදා ගත හැකියි.
එසේ නොකර ක්‍රීඩා අමාත්‍යවරයා සීතාම්බර සළුවලින් සැරසී වීදී සරසන ප්‍රභූවරයෙක් ලෙස හැසිරීම නවත්වන්නට කිසිවෙකු හෝ කටයුතු නොකිරීම කණගාටුදායකයි.අමාත්‍යවරයාව සීතාම්බර සළුවලින් දවටා ප්‍රදර්ශනයට රැගෙන යමින් ඒ සංදර්ශනයෙන් තමන්ගේ මඩිය තර කර ගැනීමට හැකිද සිතන බහුතරයක් තමන්ගේ වටේ රඳවාගෙන උපදෙස් ගන්න සහ පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට වඩා පිම්බුණ ගුණයෙන් ආඨ්‍ය වී සිටීම වැනි දෝෂ වෙනස් කර ගැනීම පෞද්ගලිකව අමාත්‍යවරයාට නොව ක්‍රීඩාවට යහපතක් උදා කරාවි.
සුගතදාස ක්‍රීඩා පිටියේ බිඳුණු කැඩුණු තැන් තිබියදී ක්‍රීඩා පුහුණුව සිඳු කරන විශාල පිරිසක් තමන්ගේ පුහුණු අවශ්‍යයතාවය පිරිමසා ගන්නා බව දැන දැනම සහ එසේ තිබියදී ක්‍රීඩා පිටිය සංගීතමය ඉසව්වකට මුදා හැරීම ගැන විවේචනවලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය මාධ්‍යයට ලියන ලිපිය එහි කිසිවෙකුත් පුහුණු නොවන බවයි.පුහුණුවීමට පිටිය සුදුසු නැති තරමට විනාශ වී ඇති බවයි.ඒ අමාත්‍යවරයාගේ අදහස තර්කයකින් තොරව අමාත්‍යවරයාට හානිකර වේද නොවේද සිතා සර් කියන දේ ඒ ආකාරයටම කිරීමේ එහෙයි න්‍යාය වන අතර එහිදි සුගතදාස පිටියේ සංදර්ශනය ගැන විවේචනය කළ පුවත්වල ඡායාරූප ගැන මාධ්‍ය ඒකකය අවධානය යොමු කර තිබුණේම නැහැ.එම ඡායාරූපවල සංදර්ශනයේ උපකරණ සමඟ උස පැනීමේ උපකරණ ද එකම පිටියක් තිළ තිබෙන අතර පුහුණුවෙන ක්‍රීඩකයන් ද සිටිනවා.එවැනි තත්ත්වයක කිසිඳු පුහුණුවක් මේ ක්‍රීඩාංගණය තුළ සිඳු නොවන බවට නිදහසට අත හරින මහා පචයෙන් අමාත්‍යවරයා නූල් පොටක්වත් නැති තැනට පත් කර ප්‍රදර්ශනය කරනවා.
අලුත් අවුරුද්දෙවත් තමන් සියයට සියයක් නිවැරදි බව නොසිතා හොඳ සිහියෙන් හැසිරෙන්න.ක්‍රීඩාව කියන්නෙ සෙල්ලමක් නොවන බව මෙනෙහි කරන්න.එයට ඇති ගැඹුරු විද්‍යාත්මක පසුබිම මත සිට එහි නියැලෙන පිරිසගේ කායික සහ මානසික නිරෝගීතාවය ශක්තිසම්පන්නභාවය ආදී කරුණු ගැන සිතමින් වැඩෙහි යෙදෙන්න.ගෙවුණු වසරේ මහා ගඳ මකන්නට සුවඳ විලවුන් ඉස වැඩක් නැත.ඒවා දැනෙන තැන් ඉවත් කළ යුතුමය.අලුත් සුවඳක් දැනෙන අලුත් වසරක් ක්‍රීඩාවට උදා කර දෙන්නට බලධාරීන්ට බුද්ධිය පහළ වේවා.!
අමාත්‍යවරයාගේ ඇතැම් තැන් තැන්වල ගෙවුණු තැවරුණු ඉතිහාසයක් ඇති පිරිස මේ සටහන දැක්කම කියන කාරණයක් ද ලිවිය යුතුව ඇත.
‘නිශ්මං ඔහොම තමයි.කාටවත් හොඳක් ලියලා නැහැ.‘
ඒක ඇත්තටම ඇත්තය.හොඳක් කෙරී නැත.ඒ හොඳක් සිඳු නොවුණ පසුබිම් කතාවල ඔය කතාව අද ඇමතිට කියන අයද රැඟුම් පා ඇත.තේරුම් ගත යුත්තේ එපමණය.පොළව වෙනස් නොවී හොඳට නටන්න බැරිය.ඇත්තටම පොළවේ ඇද නැටුමට බලාපාන්නේය.ඒ ඇත්ත හරියට අවබෝධ කර ගත්තොත්,නටන්න බැරි එකා පොළව ඇඳයි කියනවාට වඩා ඇඳ පොළවේ නැටීම දුෂ්කරය කියන කාරණයේ වෙනස තේරුම් ගැනීමට බුද්ධිය පහළ වෙනු ඇත.


