ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

Date:

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදුවේ.

ඒ අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කල් කරන ලද කාර්යයන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරා තිබේ.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවනු ලැබීය.

2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මෙම කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක විය.

ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම වගකීම් පවරා දීම සිදු කළ බව මහ බැංකුව පවසයි.

රාජ්‍ය ණය කළමනාකරණ පනතේ සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අදාළ විධිවිධානවලට අනුව, 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ්‍ය සුරැකුම්පත්හි ලේඛකාධිකාරී ලෙස පත් කර ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ මධ්‍යම තැන්පතු පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...