2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් දී සුබපැතුම් එක්කර තිබේ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ද උණුසුම් සුබපැතුම් එක්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද ඒ මහතා සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙම සුබපැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.


