RE Build Sri Lanka ප්‍රවර්ධනයට පකිස්තානු තරග සංචාරය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW:

RE Build Sri Lanka (ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ වැඩ සටහන) ප්‍රවර්ධනය වෙනුවෙන් එළැඹෙන පකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කැප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.ඒ අනුව තරගාවලිය පුරා එම වැඩ සටහන ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ සටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරිමට සැළසුම කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.
‘ශ්‍රී ලංකා පාකිස්තාන සංචාරයෙන්’ ජනනය වන සංචාරක ලාභය රජයේ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ වැඩසටහනට පරිත්‍යාග කිරීම එවැනි එක් කාර්යයකි.එසේම ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරඟ ස්ථානවල #VisitSriLanka හැෂ් ටැගය ප්‍රවර්ධනය කරනු ඇත.


2026 ජනවාරි 7, 9 සහ 11 යන දිනවල පැවත්වෙන තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන් ඉහත තීරණවලට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රජයේ ප්‍රතිසාධනය සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය දැක්වීම සඳහා ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...