රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW :
රටේ ජන ජීවිතය කෙරෙහි බලපැවැත්වූ සියලු වැදගත් හා හදිසි සංසිද්ධීන්හි දී මෙන්ම සාමාන්‍ය ජන දිවිපැවැත්වීමේ දී සත්‍ය හා තහවුරු කරන ලද තොරතුරු ජනගත කරමින් ජනතාව ප්‍රශස්ත ලෙස දැනුවත් කිරීම සඳහා 2025 වසර පුරා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ සෑම මාධ්‍ය ආයතනයකටම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයටම සහ සෑම ජනමාධ්‍යවේදියකුටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පුද කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ, එය පහතින් දැක් වේ.
2026 නව වසරට ශුභාශිංසන එක් කිරීම
රටේ ජන ජීවිතය කෙරෙහි බලපැවැත්වූ සියලු වැදගත් හා හදිසි සංසිද්ධීන්හි දී මෙන්ම සාමාන්‍ය ජන දිවිපැවැත්වීමේ දී සත්‍ය හා තහවුරු කරන ලද තොරතුරු ජනගත කරමින් ජනතාව ප්‍රශස්ත ලෙස දැනුවත් කිරීම සඳහා 2025 වසර පුරා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ සෑම මාධ්‍ය ආයතනයකටම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයටම සහ සෑම ජනමාධ්‍යවේදියකුටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාගේ හෘදයාංගම කෘතඥතාව පුද කරමි.
එමෙන්ම, රජයේ නිල සන්නිවේදන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රධාන කාර්යය භාරයක් පැවරී ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සිය වගකීම නිසි ලෙස ඉටු කිරීමට සහයෝගය ලබා දුන් සියලු අමාත්‍යාංශ, සෙසු රාජ්‍ය ආයතන, විදෙස් රාජ්‍ය ත්‍රාන්ත්‍රකි ආයතන හා වෙනත් පෞද්ගලික ආයතන වෙත ද මාගේ අවංක කෘතවේදීත්වය පළ කරමි.
ඉකුත් වසර පුරා අප මුහුණ දුන් අත්දැකීම් තුළින් දිට්වා සුළි කුණාටුව වැනි අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනයක දී මෙන්ම, සමාජයේ යහපැවැත්ම පිණිස දියත් කරන “ඉවත් වෙනු” වැනි විෂ මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ක්‍රියාන්විතයකදී ද ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය සන්නිවේදන වේදිකාවන්ට ජනතාව වෙනුවෙන් කළ හැකි සාධනීය මෙහෙවර යළි යළිත් පසක් වී ඇත.
ඒ අනුව, දෛනිකව රජයේ නිල තොරතුරු සන්නිවේදනය කිරීම ඉක්ම වූ අභියෝගාත්මක කාර්යය භාරයක් අප වෙත පැවරී ඇති බව තහවුරු කළ සුවිශේෂී වසරක් වූ 2025 වසර තුළ, එකී සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම ඔබ අප හා සහයෝගයෙන් කටයුතු කළ ආකාරයෙන්ම 2026 වර්ෂය පුරාමත් අප සමග සහෝදරත්වයෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
නව වර්ෂය අප වෙත ළඟා වන්නේ ආර්ථික වශයෙන් පොහොසත් රටක් පමණක් නොව ජනතාවට වඩාත් සුරක්ෂිතව, සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමේ ජාතික වගකීම අප හමුවේ තබමිනි.
අප වෙත පැවරී ඇති මෙම ජාතික වගකීම, පොදුජන සුබසිද්ධිය උදෙසා, නිසි වගවීමෙන් යුතුව වඩාත් ප්‍රශස්ත ලෙස ඉටු කිරීමට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන අතරම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් උදා වූ 2026 නව වසරට උණුසුම් ශුභාශිංසන එක් කරමි.
එච්.එස්.කේ.ජේ. බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
දුරකථන අංකය :- 0112 513638 / ෆැක්ස් :- 0112 514753 / විද්‍යුත් ලිපිනය :- [email protected]


