නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:උදාවූ නව වර්ෂයේ දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද (01) අලුයම සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් සිටියි.
දන්ත ධාතු මන්දිරය, පල්ලේමල විහාරය, නව බුද්ධ මන්දිරය වන්දනා කිරීමට සැදැහැවතුන් එක්වූ අතර අලුයම් කාලයේදී කිරි ආහාර බුද්ධ පූජාව ද දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පැවැත්විණි.
නව වර්ෂය උදාව වෙනුවෙන් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාලයන්හිදී ද විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක විය.
මහනුවර කටුකැලේ ශ්‍රී පුල්ලයාර් හින්දු කෝවිලේ ද හින්දු ආගමික වැඩසටහන් නව අවුරුදු උදාව වෙනුවෙන් සිදුවිය.






