බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

Date:

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම 2026 ජනවාරි 01 දින සිට ආරම්භ වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5,000ක මුදල් වෙන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40කට 2026 ජනවාරි 01 දින සිට බස් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...